ජාතික ගුවන් සේවය මරණාසන්නයි

sri-lankan

 

 

වරක් ශී‍්‍ර ලංකාවට ආඩම්බරයක් වූ ජාතියේ නිල ගුවන් සේවය ශී‍්‍ර ලන්කන් එයාර්ලයින්ස් හි පණනල මේ වන විට රදා පවතින්නේ භාණ්ඩාගාරයෙන් එය වෙත කරන ගෙවීම් මතය. ගුවන්සේවයේ මූල්‍ය කටයුතු සම්බන්ධයෙන් අනුගමනය කර ඇති අයථා කලමණාකරන කි‍්‍රයාවලීන් නිසාවෙන් සිදුව ඇති විශාල මුදල් නාස්තිය පසුගිය බදාදා අගමැති ප‍්‍රධානත්වයෙන් පැවති ඉහළ පෙලේ රැුස්වීමකදී අනාවරණය විය.

 

එහිදී තවත් මාස හයක කාලයකට පමණක් ශී‍්‍රලන්කන් වෙත ජීවිතාරක්ෂක යන්ත‍්‍ර සහය හෙවත් භාණ්ඩාගාරයෙන් ගෙවීම් සිදුකිරීමට මුදල් අමාත්‍ය රවී කරුණානායක මහතා එකඟ විය

 

.මෙම කාලය ඇතුළතදී ගුවන්සේවය එහි පැරණි විභූතිය වෙත එසවීමට ගතයුතු මූලෝපායික වශයෙන් වැදගත් වන පියවර සම්බන්ධයෙන් සොයාබැලීමට ගුවන්සේවය අයත් වන රාජ්‍ය කර්මාන්ත සංවර්ධන අමාත්‍ය කබීර් හෂීම් මහතාට නියම කැරිණ.මේ පිළිඹඳ දැනටමත් සොයාබැලෙමින් පවතින අතර වෙනත් ගුවන්සේවයක් හා ශී‍්‍රලන්කන් ඒකාබද්ධ කිරීම සම්බන්ධයෙන්ද අවධානය යොමුව තිබෙන බව සඳහන් කළ යුතුය.වැටී සිටින වලෙන් ගොඩ ඒමට අන්තර්ජාතික උපදේශක සමාගම් කිහිපයකම උපදෙස් ලබාගැනීමට ශී‍්‍රලන්කන් කලමණාකාරීත්වයද කටයුතු කරමින් සිටී.ගතයුතු පියවර පිළිඹද අවසන් තීරණයකට එළැඹියායින් පසු මේ සියල්ලෝ නැවත වරක් අගමැති හමුවට පැමිණීමට නියමිතය.

ani wck

 

ආර්ථිකයේ තත්ත්වය රනිල් හෙළිකරයි

 

‘සීඝ‍්‍රයෙන් වෙනස්වෙමින් තිබෙන ලෝක ආර්ථික ප‍්‍රවණතා හමුවේ අපට අපේ අයවැය යෝජනා සංශෝධනය කිරීමට සිදුව තිබෙනවා.ඉන්දියාවේ රිසර්ව් බැංකුවෙන් ඩොලර් බිලියන 1.5 ක හුවමාරු මුදලක් ලබාගැනීමටත්, චීන මහ බැංකුවෙන් තවත් ඩොලර් බිලියන 1 ක් ලබාගැනීමටත් අප එකඟතාවන් ඇතිකරගෙන තිබෙනවා.මේ මුදල් ලබාගන්නේ දැනට රට මුහුණදී සිටින විදේශ විනිමය ගැටලූ නිරාකරණය කරගැනීමට.බදු නිර්දේශ ගැනත් සාකච්ඡුා පැවැත්වෙනවා.එම ඇතැම් නිර්දේශ ඉදිරි මාසයේ සිට හා එළඹෙන සැප්තැම්බර් මාසයේ සිට කි‍්‍රයාත්මක වේවි.’ යැයි අගමැතිවරයා පැවසීය.

අන්තර්ජාතික මූල්‍ය අරමුදලෙන් ණය ලබාගැනීමට රජය සැළසුම් කර ඇත්තේ විකල්පයක් ලෙස යැයි අගමැතිවරයා පැවසුවේය.මූල්‍ය අරමුදලෙන් ඩොලර් බිලියන 1.5 ක ණයක් ලබාගැනීමට රජය කටයුතු කරමින් සිටින බව අමාත්‍ය සරත් අමුණුගම මහතා පසුගියදා නිල වශයෙන් ප‍්‍රකාශ කළේය.

 

‘පතුල නොපෙනෙන වළකට තමයි අපි රුපියල් කෝටි ගණනින් මුදල් හලලා තියෙන්නේ’ කරුණානායක වැඩිදුරටත් පැවසුවේය.

 

සබැඳි පුවත්

Leave a Reply

Your email address will not be published.