ජූජිත් හිතවතුන්ට සලකන්න නඩු 18 අයුතු බලපෑම් කරලා…

 

low-with-pujithපොලිස්පති පූජිත් ජයසුන්දර මධ්‍යම පළාත් නියෝජ්‍ය පොලිස්පති ලෙස කටයුතු කරන වකවානුවේ    මහනුවර මහාධිකරණයේ විභාගවෙමින් පැවති නඩු 18 අයුතු බලපෑම් එල්ල කර ඇතිබවට දන්වමින්  මහනුවර හේවාහැට පදිංචි බන්දුල ගුණසේකර නැමැත්තෙක් ජනාධිපතිවරයාටත්, අගමැතිවරයාටත්,  නීතිපතිවරයාටත් ලිඛිතව දැනුම් දී තිබේ.

ඔහු මෙසේ අනුග්‍රහ දක්වා ඇත්තේ ඔහුගේ සමකාලීන මිතුරන්ට හා හිතවත් ව්‍යාපාරිකයන්ට බව පැවසේ. මහනුවර ප්‍රධානපෙළේ ව්‍යාපාරිකයෙක්වන උපාසක ලියනගේ නැමැත්තාට සහ ඔහුගේ බිරිදට එරෙහිව  සිසිර බන්දුල ගුණසේකර නැමැත්තා විසින් මහනුවර මහේස්ත්‍රාත් අධිකරණයේ පවරන ලද නඩු 18 කදී පූජිත් ජයසුන්දර මෙසේ ස්වකීය බලය අවභාවිත කරමින් විත්ති පාර්ශවයට වාසිවන ආකරයට පොලිසිය මෙහෙයවා ඇති බව වාර්තා වේ.

මීට අමතරව බන්දුල ගුණසේකර විසින් නීතිඥ අනුර ජයසුන්දර නැමැත්තෙකුට එරෙහිව පවරන ලද අංක 33345 දරන නඩුවේදීත් පූජිත් ජයසුන්දර හැසිරී ඇත්තේ අයුක්ති සහගත ආකාරයෙන් ස්වකීය බලය යොදාගෙන බව පැවසේ.

මේ ආකාරයෙන්ම හන්තාන වෘත්තීය පුහුණු මධ්‍යස්ථානයේ දැරියන් දූෂණය කළ සිද්ධියට සම්බන්ධ ප්‍රධාන සැකකරුවෙක් වූ නිමල් එන්.පීරිස් නැමැත්තා සම්බන්ධව විශේෂ අනුකම්පාවක් සහිතව කටයුතු කළ බවට පූජිත් ජයසුන්දරට චෝදනා එල්ල විය.

සබැඳි පුවත්

Leave a Reply

Your email address will not be published.