ජොන්ස්ටන් ගෙනා කොටියා නිසා සමිතා අවුලක

samithaමරාගෙන මැරෙන කොටියෙකුට නවාතැන් දීලා… සමිතා ගැන පරීක්ෂණ අරඹයි…

ප්‍රභූ ඝාතනයක් සඳහා පැමිණි එල්.ටී.ටී.ඊ  මාරගෙන මැරෙන ප්‍රහාරකයෙකුට නවාතැන් සපයා දී රැකවරණය සැලසීම පිළිබඳව ජනප්‍රිය ගායිකා සමිතා මුදුන්කොටුව ප්‍රශ්න කිරීමට නියමිත බව පොලිස් ආරංචි මාර්ග පවසයි.

මෙම මරාගෙන මැරෙන එල්.ටී.ටී.ඊ සාමාජිකයා අත්අඩංගුවට පත්වීමෙන් අනතුරුව ඔහුගෙන කරනු ලැබූ ප්‍රශ්න කිරීම්වලදී ඔහු හා හිටපු වෙළෙඳ කටයුතු පිළිබද අමාත්‍ය ජොන්සටන් ප්‍රනාන්දු අතර ඇති සම්බන්ධය හෙළි කර තිබේ.

එහිදී ඔහු නවාතැන් ගත් ස්ථාන පිළිබඳව ඔහු ලබාදුන් තොරතුරු අනුව කළ පොලිස් විමර්ශනවලදී හෙළි වී තිබුණේ ඔහු නැවතී සිටියේ සමිතා මුදුන්කොටුවගේ නිවසේ බවය. එම එල්.ටී.ටී.ඊ සාමාජිකයා හෙළි කර ඇති පරිදි ඔහුව එම ස්ථානයට ගෙන ගොස් නවාතැන් සපයා දී ඇත්තේ හිටපු අමාත්‍ය ජොන්සටන් ප්‍රනාන්දුය.

මේ පිළිබදව මූලික පරීක්ෂණයක් පසුගිය රජය සමයේදී ආරම්භ කර තිබිණි. ඒ වකවානුවේ ප්‍රකාශයට පත්වූයේ මෙම කොටි සාමාජිකයා පැමිණ ඇත්තේ මහින්ද රාජපක්ෂ හිටපු ජනාධිපතිවරයා ඝාතනය කිරීමට බවය.  එහෙත් පරීක්ෂණ යන අතරේ දී එක්සත් ජාතික පක්ෂයේ සිටි ජොන්ස්ටන් ප්‍රනාන්දු මහින්ද රාජපක්ෂගේ සන්ධාන ආණ්ඩුවට එක් වෙමින් පිල් මාරු කළේය. ඒ සමගම පරීක්ෂණ යටපත් විය.

දැන් යහපාලන ආණ්ඩුවෙන් “මහින්ද මැරීමට පැමිණි කොටියා” පිළිබඳ  පරීක්ෂණය නැවත ආරම්භ කර ඇත. මෙහිදී මරාගෙන මැරෙන ඝාතකයෙකුට නවාතැන් දීම පිළිබඳ ප්‍රශ්න කිරීමට සමිතා මුදුන්කොටුව කැඳවා ඇයගේ ප්‍රකාශය අනුව ජොන්ස්ටන් ප්‍රනාන්දු අත්අඩංගුවට ගැනීමට සැරසෙන බව වාර්තා වේ.

සබැඳි පුවත්

Leave a Reply

Your email address will not be published.