ටිරාන් අලස් එලියට………..

tiranහිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී ටිරාන් අලස් මහතා රක්ෂිත බන්ධනාගාර ගත කිරීමට මහාධිකරණය ලබාදුන් නියෝගය වහාම අත්හිටුවා ඔහුව නිදහස් කරන ලෙස අභියාචනාධිකරණය අද (08දා ) නියෝග කර තිබේ.

ටිරාන් අලස් මහතා ඉදිරිපත් කළ ප්‍රතිශෝධන පෙත්සමක් සලකා බැලීමෙන් අනතුරුව අභියාචනාධිකරණය මෙම නියෝගය ලබා දී ඇත.
ටිරාන් අලස් නඩුව නීතිමය උභතෝකෝටිකයක් බවට පත්වෙමින් තිබෙන බව නීති විචාරකයින් පවසති.

සුනාමියෙන් පීඩාවට පත් උතුරු පළාතේ ජනතාවට නිවාස ඉදිකිරීම සඳහා පසුගිය පාලන සමයේ උතුරු – නැගෙනහිර ප්‍රතිසංස්කරණ හා සංවර්ධන (රාඩා) ආයතනය හරහා වෙන්කරන ලද රුපියල් විසිකෝටියක පමණ මුදලක් සාවද්‍ය ලෙස පරිහරණය කළ බවටයි ටිරාන් අලස් ඇතුළු විත්තිකරුවන් හතර දෙනෙකුට එරෙහිව නීතිපතිවරයා විසින් නඩු පවරනු ලැබ තිබෙන්නේ.

ටිරාන් අලස් වෙනුවෙන් පෙනීසිටි නීතිවේදියා කියා සිටියේ සේවාදායකයා දැඩි හෘදරෝගී තත්වයකින් පසුවන බවයි.
රජයේ නීතිවේදියා, රෝගී විත්තිකරුවන්ට බන්ධනාගාරය තුළ ප්‍රතිකාර ලබාගැනීමේ පහසුකම් පවතින බව කියා සිටියේය.
දැන් අභියාචනාධිකරණය කියා සිටින්නේ ටිරාන් අලස් එළියේ සිටියාට කම් නැති බවයි

සබැඳි පුවත්

Leave a Reply

Your email address will not be published.