ඩී.වී උපුල් ඇමති ධූරයෙන් පහ කරයි… මට කියලා නෑ… උපුල් කියයි

 

ගුණසේන දකුණු පළාත්ආ ණ්ඩුකාරවරයා අතින් සිය පත්වීම ලබාගත් අයුරු
ගුණසේන දකුණු පළාත්ආ ණ්ඩුකාරවරයා අතින් සිය පත්වීම ලබාගත් අයුරු

හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂගේ සමීපතමයෙක් වූ දකුණු පළාත් සභාවේ ධීවර, සත්ව නිෂ්පාදන සහ සංවර්ධන, පරිසර කටයුතු,   ග්‍රාමීය කර්මාන්ත, විදුලිබල සහ ග්‍රාමීය හා වතු යටිතල පහසුකම් සංවර්ධන ඇමති ඩී.වී උපුල් වහාම ක්‍රියාත්මකවන පරිදි අද ( 20)    සිට එම තනතුරෙන් පහ කර ඇත.ඩී.වී උපුල් යනු පසුගිය පළාත් සභා මැතිවරණයේදී හම්බන්තොට දිස්ත්‍රික්කයෙන් වැඩිම මනාප ලබාගත් දේශපාලඥයාය.

දකුණු පළාPV Upulත්සභා මහ ඇමති ශාන් විජේලාල් සිල්වාගේ බලතල අනුව උපුල්ව එම තනතුරෙන් ඉවත් කර තිබේ. අද සිට දකුණු පළාත් සභාවේ ධීවර, සත්ව නිෂ්පාදන සහ සංවර්ධන, පරිසර කටයුතු,                   ග්‍රාමීය කර්මාන්ත, විදුලිබල සහ ග්‍රාමීය හා වතු යටිතල පහසුකම් සංවර්ධන ඇමතිවරයා ලෙස කටයුතු කරන්නේ එම පළාත් සභාවේ මන්ත්‍රීවරයෙක් වූ එච්.ඩබ්ලියු ගුණසේකරය.

තමා අමාත්‍ය තනතුරින් පහ කළ බව අද සවස් වනතුරුත් තමන්ට ලිඛිතව දැනුම් දී නැති බව මේ අතර උපුල් මාධ්‍යයට කීවේය.

කෙසේ වෙතත් එච්.ඩබ්ලියු ගුණසේන අද උදේ ජනපති හමුවේ ස්වකීය ධූරයේ දිවුරුම් දුන්නේය.

දකුණු පළාත් සභාවේ එක්සත් ජනතා නිදහස් සන්ධාන මන්ත්‍රීවරයෙකු වන එච්.ඩබ්ලිව්. ගුණසේන   1997 වසරේ සිට එම පළාත් සභාව නියෝජනය කරන පළාත් මන්ත්‍රීවරයෙකි. 1997 අගුණකොලපැලැස්ස ප්‍රාදේශීය සභාවේ ශ්‍රී ලංකා නිදහස් පක්ෂය ප්‍රථම වතාවට ස්වාධීන කණ්ඩායමක් සේ තරග කර ජයග්‍රහණය කරවුයේ ගුණසේනය. ඔහු එම ප්‍රාදේශීය සභාවේ සභාපතිවරයාද වූයේය. පළාත් සභා ඡන්ද 4 පෙනී සිට 4ම ජයග්‍රහණය කරමින් පුරා 17 වසරක් ඔහු දකුණු පළාත් සභාවේ මන්ත්‍රීවරයෙක් ලෙස කටයුතු කර ඇත්තේය.

සබැඳි පුවත්

Leave a Reply

Your email address will not be published.