ඩෙංගු මුලුමනින්ම තුරන් කරන්න ඩෙංගු මදුරුවන් පුස්සන් කරනවලු

denguemosවන්ධ්‍යාකරණයට ලක්කළ පිරිමි මදුරුවන් පරිසරයට මුදා හැර ගැහැණු මදුරුවන් හා අභිජනනය වීමට සැලැස්වීමෙන් සමස්ථ ඩෙංගු මදුරුගහණය තුරන්කර දැමීමේ ක්‍රියාවලියක්  පිළිබද පර්යේෂණ කරන බව   කැලණිය විශ්ව විද්‍යාලයේ රාගම වෛද්‍ය පීඨයේ පරපෝෂවේද අධ්‍යයන අංශයේ මහාචාර්ය විමල ධර්ම අබේවික්‍රම පවසයි.

ඩෙංගු රෝගය ශ්‍රී ලංකාවෙන් සහමුලින් තුරන් කිරීමේ පර්යේෂණයේ පරමාරථය බව මහාචාර්යවරයා බීබීසී ලෝක සේවය සමග සාකච්ඡාවක් පතවමින් කියා සිටියේය.

කෙටි කාලීන විසඳුමක් නොවුනත් ශ්‍රී ලංකාවෙන් බරවා රෝගය සහ මැලේරියා රෝග තුරන් කළා සේ වසර 2025 වන විට ඩෙංගු රෝගය ශ්‍රී ලංකාවෙන් සහමුලින් ඉවත්කිරීම මේ පර්යේෂණයේ අරමුණ බවයි මහාචාර්ය විමල ධර්ම අබේවික්‍රම බීබීසී ලෝක පුවත් සේවටය කීවේය.(http://www.bbc.com/sinhala/sri-lanka-37005002)

සබැඳි පුවත්

Leave a Reply

Your email address will not be published.