ඩෝප් බලන්න එන්න එපා… ශ්‍රී ලංකන් ගුවන් නියමුවෝ වැඩ වර්ජනක් ප්‍රකාශ කරති…

Air2ශ්‍රී ලංකන් ගුවන් සේවයේ ගුවන් නියමුවෝ අනිද්දා ( 9) සිට වැඩ වැරීමට සැරසෙති.

වැඩ වැරීම කරන්නට සැරසෙන්නේ තමුන් බීමත් දැයි පරීක්ෂා කිරීමට ගුවන්තොටුපල ආරක්ෂක අංශය දියත් කරන ක්‍රමවේදයට විරෝධය පල කරමිනි.

පසුගිය මස 19 දා ජර්මනියේ ෆ්‍රැන්ක්ෆර්ට්හි සිට  මගීන් 259 හා කාර්ය මණ්ඩලයේ 14 ක් සහිතව UL 554  දරන A330 යානය පැදවීමට සිිටි කපිතාන් උපේන්ද්‍ර රණවීර බීමතින් සිට හසුවීමත්, ඔහු ගේ බීමත්කම නිසා යානය පැය 15 ක කාලයක් ප්‍රමාදවීම සහ රුපියල් මිලියන ගණනක් ප්‍රමාද ගාස්තු ලෙස මගීන්ට ගෙවන්නට ශ්‍රී ලංකන් ගුවන්සේවයට සිදුවීමත් නිසා ඇති වූ ත්තවය මුල් කරෙගන ගුවන්තොටුපල ආරක්ෂක අංශ මේ ආකාරයෙන් ගුවන් නියමුවන්ගේ බීමත්කම පරීක්ෂා කිරීමේ ක්‍රමවේදයක් ආරම්භ කර තිබිණි.

එහෙත් ගුවන් නියමුවන් කියන්නේ තමන්ව අවශ්‍යනම් පරීක්ෂා කළ හැකි මුත් එම පරීක්ෂාවන් කළ යුත්තේ ලෝකයේ සම්මත ක්‍රමවේදයන්ට අනුව බවය.  තම ආත්ම ගෞරවය නොසලකා මේ කරන පරීක්ෂා කිරීමට බලවත් විරෝධතාවය පල කරන බව ගුවන් නියමු වෘත්තීය සමිතිය පවසයි. මේ පරීක්ෂා කිරීමේ ක්‍රමවේදයට එරෙහි වූ එක් ගුවන් නියමුවෙකුගේ වැඩ මේ වනවිට තහනම් කර ඇති බව ඔවුහු කියති. එබැවින් මේ අශීලාචාර පරීක්ෂා කිරීමට එරෙහිව ලබන සිකුරාදා (9) මධ්‍යම රාත්‍රියේ සිට තමන් අකුරට වැඩ කිරීමේ වෘත්තීය ක්‍රියා මාර්ගයක් ආරම්භ කරන බවත් ඊට ලැබෙන ප්‍රතිචාර අනුව අවශ්‍ය ඕනෑම බරපතල වෘත්තීය ක්‍රියාමාර්ගයකට එළඹීමට තමන් සූදානම් බවත් ඔවුහු ප්‍රකාශ කරති.

සබැඳි පුවත්

One thought on “ඩෝප් බලන්න එන්න එපා… ශ්‍රී ලංකන් ගුවන් නියමුවෝ වැඩ වර්ජනක් ප්‍රකාශ කරති…

Leave a Reply

Your email address will not be published.