තරුණ දියණිවරු දූෂණ සිද්ධියේ පරීක්ෂණයට බලපෑම්…

rape 3මහනුවර හන්තාන ප්‍රදේශයේ පවත්වාගෙන ගිය  මානව නායකත්ව පුහුණු විද්‍යාපීඨය නැමැති ආයතනයේ  නේවාසික පාඨමාලාවකට සම්බනධවී සිටි අවුරුදු 16 හා 17 යන වයසේ පසුවන දැරියන්  12 ක් ලිංගිකව අලෙවි කිරීම සම්බන්ධව චෝදනා ලැබ සිටින  ආයතනයේ පාලකය  චන්දිමාල් ගමගේ නැමැත්තෙක් හා මහනුවර මාධ්‍ය ආයතනයක් පවත්වාගෙන යන නිමල් පීරිස් නැමැත්තෙක් අත්අඩංගුවට ගැනීමට නියමිත බව මහනුවර පොලිසිය පවසයි.

එහෙත් මේ වනවිට මේ තැනැත්තන් අත්අඩංගුවට ගැනීමට නොහැකි සේ  පොලිස් පරීක්ෂණවලට බලපෑම් එල්ල වී තිබුණද දැරියන් අධිකරණ වෛද්‍යවරයා වෙත ඉදිරිපත් කර වාර්තාවක් ලබාගෙන උසාවිය දක්වා  සිද්ධිය රැගෙන යෑමට පරීක්ෂණ පවත්වන නිලධාරීන් උත්සාහ ගනිමින් සිටී.

මේ ආයතනය තුළ මත්පැන් සාද පවත්වන බවත්, මතින් මත්වන බේබද්දන් හා අනතුරුව රෑ එළිවනතුරු නැටීමට මේ තරුණ දූ වරුන්ට සිදුවන බවත් වාර්තා වේ. ලිංගික අතවර වලට ලක් කරන්නේ ඉන් අනතුරුව බව කියනු ලැබේ.

මේ වදය විද ගත නොහැකිව ඊයේ පාන්දර දැරියන් සිවු දෙනෙක් ආයතනයෙන් පැන පාලු මාවත දිගේ දිව යනවිට පැමිණි ත්‍රි රෝද රථකරුවෙකුට හමු වී ඇත. මේ දැරියන් සිවු දෙනා ආරක්ෂිතව ගම් වැසියන් භාරයට පත් කර සිද්ධිය පොලිසිය දක්වා ගෙන යන්නේ ඔහු බව කියයි.

සිද්ධියට සම්බන්ධබව කියන නිමල් පීරිස් නැමැති තැනැත්තා පොලිස් දෙපාර්තමේන්තුවේ ඉහළ නිලයන් හා ඉතා සමීප සම්බන්ධකම් පවත්වන බවත්, ඔහු ඒ හරහා එල්ල කරන බලපෑම විශාල බවත් බොහෝ විට මෙම පරීක්ෂණය කරන නිලධාරීන්ට මහනුවරින් ස්ථාන මාරු ලැබීමට ඉඩ ඇති බවත් තතු දත් ආරංචිමාර්ග කියයි.

මේ සිද්දිය සම්බන්ධව අප පලකල ලිපි

මහනුවර කෝටිපති කාමාතුරයෝ දැරියන් 12 දූෂණය කරති

දැරියන් දූෂණ සිද්ධියේ සැකකරුවන් භාරවනතුරු පොලිසිය බලා හිදී….

මහනුවර දැරියන් අපයෝජන සිද්ධියේ ප්‍රධාන චූදිතයා ජූජිත් ගේ ගජයෙක්….

මහනුවර දැරියන් දූෂණයේ සැක කරුවෙක් රිමාන්ඩ්… අනෙකා 9 දා අධිකරණයට

සබැඳි පුවත්

Leave a Reply

Your email address will not be published.