තවත් කෝටිපති ව්‍යාපාරිකයෙක් අතුරුදන්… පොලිසියෙන් විශේෂ විමර්ශනයක්…

kidnap1තවත් කෝටිපති ව්‍යාපාරිකයෙක් කිසිදු සලකුණක් නොතබා අතුරුදන් වී ඇතැයි පොලිසිය කියයි. පොලිසිය විශ්වාස කරන පරිදි මේ අතුරුදන්වීම තවත් පැහැරගැනීමකි.

මොහමඩ් හුසේන් මොහමඩ් නැමැති මේ 35 හැවිරිදි කෝටිපති ව්‍යාපාරිකයා පදිංචිව සිට ඇත්තේ බණ්ඩාරගම අටලුගමය. ඊයේ (4) ඔහු සිය ව්‍යාපාරික මිතුරෙක් සමග මෝටර් රථයකින් ත්‍රීකුණාමලයේ ලංකා බැංකුවේ රන් භාණ්ඩ වෙන්දේසිය වෙත පැමිණ ඇත. රුපියල් කෝටියකට අාසන්න මුදලක් ඔහු විසින් රැගෙන ගොස් ඇතැයි පැවසේ. උදේ සිට රන් භාණ්ඩ වෙන්දේසිය පැවැතිනි. වෙන්දේසියේදී විශාල භාණ්ඩ ප්‍රමාණයක් ඉහළම ලන්සුවට අරගෙන තිබුණේ මොහමඩ් හුසේන් මොහමඩ් නැමැති මේ ව්‍යාපාරිකයා විසිනි.

වෙන්දේසිය අතර තුර වතුර බෝතලයක් මිලදී ගැනීම සදහා මෙම ව්‍යාපාරිකයා වෙන්දේසිය පැවැති ස්ථානයෙන් එළියට පැමිණ තිබේ. ඉන් අනතුරුව ඔහු  බැංකුව තුළට පැමිණ නැත. වෙන්දේසිය අවසන් වී බොහෝ වේලාවක් සිය සගයා සොයමින් සිටි මොහමඩ් හුසේන්ගේ මිතුරා පොලිසියට ගොස් මේ අතුරුදන්වීම පිළිබදව පැමිණිලි කර ඇත. පොලිසියට පැමිණිල්ල ලැබෙනවිට රාත්‍රී 9 ට පමණය.

එතැන් සිට ක්‍රියාත්මක වූ පොලිසිය මේ වනවිට පොලිස් කණ්ඩායම් 2 යොදා ගනිමින් විශේෂ විමර්ශනයක් අරඹා තිබේ. බොහෝ විට මේ සිද්ධියත් පැහැර ගැනීමක් විය හැකි බව පොලිසිය කියයි.

සබැඳි පුවත්

Leave a Reply

Your email address will not be published.