තවත් ට්‍රාන්ස්ෆෝමර් පුපුරයිද?

burnගිය ඉරිදා සිදුවූ ට්‍රාන්ස්ෆෝමර් පුපුරායාම කඩාප්පල්කාරී ක්‍රියාවක් විය හැකි බව ආණ්ඩුවෙන් ඉඟි කෙරුණා අතර  විදුලි බල මණ්ඩල නිලධාරින් පවසන්නේ මෙය හුදු තාක්ෂණික හේතුවක් මත සිදුවූ පිපිරීමක් වන බවයි.

 පිපිරීයාමෙන් අනතුරුව සිදුවූ විදුලි බල ඇනහිටීම යථා තත්වයට පත් කරවීමට යාමේදී ඉංජිනේරුවන් සහ විදුලි කාර්මික ශිල්පීන් අතරේ කඹ ඇදිල්ලක් ඇතිවූ බව විදුලි අධිකාරී ලලිත් ජනකාන්ත කියා සිටී.

මේ තත්වය හමුවේ පෙනී යන්නේ තවමත් නොවීසඳුනු ගැටළු ගණනාවක් ඇති බවයි.

පළමුවැන්න නම් සියළු ට්‍රාන්ස්ෆෝමර් වලට දැඩිආරක්ෂාවක් යොදවන බව ආණ්ඩුව පැවසූ අතර එසේ කළා නම් දෙවෙනි ට්‍රාන්ස්ෆෝමරය පුපුරා ගිය පසු මේ පිපිරීම කෙසේ සිදුවුනාදැයි කියා සිටීම සඳහා ආණ්ඩුව තෙපරබාන්නේ මන්ද?

දෙවැන්න නම් බියගමදීත්,දෙමටගොදීත් පුපුරා ගියේ එකම ආකාරයක ට්‍රාන්ස්ෆොමෙර් දෙකකි. එකම සමාගමක් මගින් එකම වසරේ නිෂ්පාදන කළ ට්‍රාන්ස්මීටර් දෙකක් පුපුරා ගිය විට මෙම යන්ත්‍ර වල තාක්ෂණික ප්‍රමිතිය පිළිබඳව සැකයක් ඇතිවන්නේ නිතැනිනි.මේ නිෂ්පාදන සමාගමේ නිලධාරින් ශ්‍රීලංකාවට වහාම කැඳවීමට කටයුතු කළ බව ප්‍රකාශයට පත්වී ඇතත් ඔවුන් ගේ කරුණු දැක්වීමක් ගැන දැනගන්නට නැත.

තෙවැන්න නම් විදුලි බල මණ්ඩලයේ ඉංජිනේරුවන් සහ සෙසු කාර්මික ශිල්පීන් අතරේ විරසකයක් පවතින බව ප්‍රකට රහසකි.කාර්මික ශිල්පීන් කියා සිටින්නේ ඉංජිනේරුවන්

වැඩි වාසි ලබන බවයි. මේ තත්වය නඩත්තු කටයූතු වලට දැඩිව බලපාන බවයි අපේ ආරංචි මාර්ග කියා සිටින්නේ.

විදුලි සැපයුම මේ වනතුරුම යථා තත්වයට පත් වී නොමැත.

සබැඳි පුවත්

Leave a Reply

Your email address will not be published.