දරුවා රුපියල් 2000 විකිණූ අම්මා…

baby2සෞදි අරාබියාවේ ගෘහ සේවිකාවක ලෙස සේවය කරමින් සිටියදී බිහිකල දරුවා රැගෙන සිය නිවසට පැමිණි විට ස්වාමි පුරුෂයා විසින් දරුවා  ප්‍රතික්ෂේප කිරීම නිසා මාස දෙකක් වන බිළිදා රුපියල් දෙදහසකට අලෙවි කිරීමට සැලසුම් කළ කාන්තාවක මහනුවර පොලිසියේ ළමා හා කාන්තා කාර්යංශය විසින් අත්අඩංගුවට ගෙන මහනුවර ප්‍රධාන මහේස්ත්‍රාත්වරයා වෙත ඉදිරිපත්කොට තිබේ.

කටුගස්තොට වැරැල්ලගම පදිංචි මෙම කාන්තාව විදෙස් ගත වී වසර දෙකක් බවද ලංකාවට පැමිණි පසු ස්වාමිපුරුෂයාගෙන් එල්ල වූ තාඩන  පීඩන ඉවසා ගත නොහැකිව ඥාතින්ගේ නිවෙස් වල රැදී සිටි බවද දැනගන්නට ඇත. දරුවා රැගෙන ත්‍රිරෝද රථයක නැගී විත් කටුගස්තොට ප්‍රදේශයේ රැදී සිටිනු දුටු ත්‍රිරෝද රථ රියදුරකුට සැක සිති පොලිසියට දැනුම් දීමෙන් අනතුරුව කාන්තාව අත්අඩංගුවට ගෙන තිබේ

සබැඳි පුවත්

5 thoughts on “දරුවා රුපියල් 2000 විකිණූ අම්මා…

  • September 9, 2016 at 1:25 pm
    Permalink

    මැද පෙරදිග යන හුගක් කාන්තාවන්ට නැවත එන්න වෙන්නෙ තෑගි විදිහට දරුවෙකුත් අරගෙන. මේක හරිම ශෝචනීය තත්ත්වයක්.

    Reply
  • September 9, 2016 at 6:21 pm
    Permalink

    අනේ අපොයි කියනවා හැරෙන්නට වෙන මොනවා කියනන්ද

    Reply
  • September 9, 2016 at 6:22 pm
    Permalink

    මේ මිනිහටයි රජ කාලේ දඬුවම් දෙන්නා ඕනේ

    Reply
  • September 9, 2016 at 6:25 pm
    Permalink

    මොනවා වුනත් ගෑනියෙකුට මෙහම් කරන්න පුළුවන්ද-අර රපිය දෙදහට තණකොළ ටිකක් ගත්තා නම් හොඳයි

    Reply
  • September 9, 2016 at 6:27 pm
    Permalink

    මොනවා වුනත් දරුවා බේරුනා එක ලොකු දෙයක්,සියලු දෙවියන් මේ අහිංසක දරුවා රකීවා

    Reply

Leave a Reply

Your email address will not be published.