දවසකට ලංකාවේ සිගරට් වල වියදම කෝටි 25 යි… අරක්කු වල වියදමත් කෝටි 25

Arrack2ලංකාවේ මිනිසුන් එක් දිනකට මත්ද්‍රව්‍ය හා දුම්වැටි සදහා පමණක් රුපියල් කෝටි 50 වියදම් කරන බව ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන පවසයි. ඔහු මේ බව ප්‍රකාශ කළේ ඊයේ (11) පුත්තලම මහජන ක්‍රීඩාංගනයේ පැවති ජනාධිපති මත්ද්‍රව්‍ය නිවාරණ ජාතික වැඩසටහනේ 7 වන දිස්ත්‍රික් උළෙල අමතමිනි.

ජනාධිපති මත්ද්‍රව්‍ය නිවාරණ   වැඩසටහනේ  සමීක්ෂණ දත්තවලට අනුව දිනකට ශ්‍රී ලාංකිකයන් දුම්වැටි සදහා වියදම් කරන මුදල රුපියල්  ලක්ෂ 2500 කි. අඩු ආදායම් ලාභීන්ගේ ආදායමෙන් සියයට 35 වියදම් වන්නේ මත්ද්‍රව්‍ය සදහාය.  එම දත්ත හෙළිදරව් කරන ආකාරයට පසුගිය වසර තුළ ශ්‍රී ලාංකිකයන් විසින් මත් පැන් හා මත්ද්‍රව්‍ය වෙනුවෙන් රුපියල් බිලියන 212 ක් වියදම් කර තිබේ. දකුණු අධිවේගී මාර්ගය සදහා වියදම් වූ මුදල රුපියල් බිලියන 132 කි. මොරගහ කන්ද ජලාශය සදහා වියදම් වන මුදල රුපියල් බිලියන 98 කි.

මීට අමතරව රටේ පවුල් ආරවුල්වලින් සියයට 50 ක් මත්ද්‍රව්‍ය නිසා ඇතිවන බවත්, රජයේ රෝහල්වල ඇඳන්වලින් සියයට 20 වෙන් වන්නේ මත්පැන් හා මත්ද්‍රව්‍ය නිසා ඇතිවුණු රෝගී තත්වයන්ට ප්‍රතිකාර කිරීමට බවත් හෙළි වී තිබේ. ජනාධිපති මත්ද්‍රව්‍ය නිවාරණ   වැඩසටහනේ ජාතික අධ්‍යක්ෂ වෛද්‍ය සමන්ත කුමාර කිතලවආරච්චිට අනුව නුවරඑළිය දිස්ත්‍රික්කයේ කාන්තාවන්ගෙන් සියයට 70 ක් රා බීමට ඇබ්බැහි වී සිටිති

සබැඳි පුවත්

Leave a Reply

Your email address will not be published.