දාහතර අවුරුදක් පැරණි නඩුවකට උප ඇමති රිමාන්ඩ්

sarath-kumara-gunaratneමීගමුව පොලිසියට අද (24) පෙරවරුවේ භාරවූ හිටපු නියෝජ්‍ය ඇමැති සරත් කුමාර ගුණරත්න ලබන නොවැම්බර් 1 වැනිදා තෙක් රිමාන්ඩ් කරන ලෙස මීගමුව අතිරේක මහේස්ත්‍රාත් කපිල දුෂ්මන්ත එපිටවල මහතා නියෝග කළේය.

මීගමුව සිල්ලන්දූවේදී 2002 වසරේදී සිදුවූ රිය අනතුරක් සම්බන්ධයෙන් හිටපු නියෝජ්‍ය ඇමැති සරත් කුමාර ගුණරත්නට එරෙහිව නීතිපති විසින් අධිචෝදනා ගොනු කරනු ලැබ සිටි අතර මීගමුව අධිකරණය ඔහුට වරෙන්තු නිකුත් කැර තිබිණි. ඒ අනුව අද පෙරවරුවේ ඔහු මීගමුව පොලිසියට පැමිණි අවස්ථාවේ අත්අඩංගුවට ගෙන උසාවියට ඉදිරිපත් කරනු ලැබීය. හිටපු නියෝජ්‍ය ඇමැතිවරයකු වන සරත් කුමාර ගුණරත්න 2002 වර්ෂයේ සිදු වු රිය අනතුරක් සම්බන්ධයෙන් අත්අඩංගුවට ගත් බව මීගමුව පොලිසිය කියයි.

මේ සම්බන්ධයෙන් lankanewsline වෙත කරුණු දැක්වූ මීගමුව උසාවියේ නීතීවෙදියෙක් කියා සිටියේ නඩු කටයුතු මේ තරම් ප්‍රමාද වීමේ හේතුවෙන්
අධිකරණය කෙරේ ජනතා විශ්වාශය බිඳ වැටෙන බවයි. පොලිස් නිලධාරින් පිරිසකට බැන තර්ජනය කිරීමේ සිදුවීමක් සම්බන්ධයෙන් මීට පෙර සරත් කුමාර ගුණරත්න මහතා ට එරෙහිව මීගමුව මහේස්ත්‍රාත් අධිකරණයේ නඩු පවරා තිබින.

රාජ්‍ය මුදල් රුපියල් ලක්ෂ 131 ක් අවභාවිතය සම්බන්ධයෙන් හිටපු නියෝජ්‍ය අමාත්‍ය සරත් කුමාර ගුණරත්න මහතාට චෝදනා එල්ල වූ අතර මීගමු කළපු ව්‍යාපෘතියක් සම්බන්ධයෙන් සිදුකළ විමර්ශනවලදි එම තොරතුරු භෙළිවූ බවයි බරපතල දූෂණ වංචා පිළිබද ජනාධිපති කොමිසමේ හිටපුලේකම් ලැසිල් ද සිල්වා මහතා ප‍්‍රකාශ කළේය.

සබැඳි පුවත්

Leave a Reply

Your email address will not be published.