දැරියන් දූෂණ සිද්ධියේ සැකකරුවන් භාරවනතුරු පොලිසිය බලා හිදී….

මහනුවර හන්තාන ප්‍රදේශයේ පවත්වාගෙන ගිය  මානව නායකත්ව පුහුණු විද්‍යාපීඨය නැමැති ආයතනයේ  නේවාසික පාඨමාලාවකට සම්බනධවී සිටියදී දූෂණයට හා අපයෝජනයට ලක්වූ බව කියූූ දැරියන් 17 දෙනා ඊයේ අධිකරණ වෛද්‍ය නිලධාරිවරයා වෙත යොමු කළේය. එහිදී අධිකරණ වෛද්‍ය නිලධාරීවරයා තීරණය කළේ දැරියන් 2  දූෂණයට  ලක්වී ඇති බවත්   6 දෙනෙක් බරපතල ලිංගික අපයෝජනවලට ලක්ව ඇති බවත්යManawa.  දූෂණයට ලක් වී ඇතැයි කියන දැරියන් දෙදෙනා පසුගිය පොසොන් පොහෝදින අදාළ ස්ථානයෙන් පිටතට රැගෙනවිත් රාත්‍රිය වනතුරු රඳවාගෙන සිට ඇතිබවද දැනගන්නට ඇත. අනෙක් දැරියන් 09 දෙනා පොලීසිය විසින් ඊයේ (02) දෙමව්පියන්ට බාරදී තිබුණේය. සිසුවියන් අධිකරණ වෛද්‍යය නිලධාරී වෙත යොමුකිරීමෙන් අනතුරුව මේ තොරතුරු අනාවරණය විය. අපයෝජනයට ලක්වූ දැරියන් අධිකරණය වෙත ඉදිරිපත් කිරිමට නියමිතය.

මේ දූෂණ සිද්ධිය සම්බන්ධ ප්‍රධාන සැකකරුවන් දෙපළ වන චන්දිමාල් ගමගේ නැමැත්තා අද නීතිඥයෙක් මාර්ගයෙන් අධිකරණයට භාර වන වග කියා සිටියත් මේ වනතුරුත් භාර වී නැත. නිමල් පීරිස් නැමැති මාධ්‍ය ආයතන හිමිකරුවා පිළිබද තොරතුරක් නැතැයි ඊයේ පැවසූ පොලිසිය අද කීවේ ඔහුත් නීතිඥයෙක් මගින්  භාරවීමට නියමිත බවය. ඒ අනුව ඔවුන් අත්අඩංගුවට ගැනීමට මෙතෙක් පොලීසිය කටයුතු කර නැත.  නේවාසිකාගාර පාලිකාවන් ලෙස සිටි කාන්තාවන් සිවු දෙනෙක් පොලිස් අත්අඩංගුවට පත්ව තිබේ. එහෙත් මීට කලින් විදුලි සෝපානයකදී කාන්තාවක් සිප ගත් මාධ්‍යයට සම්බන්ධ පුද්ගලයෙක් ඒ දවසේම අත්අඩංගුවට ගෙන ඔහුගේ රැකියාවත් අහිමි කර උසාවිය මගින් දඩුවම් කළ පොලිසිය මෙපමණ බරපතල චෝදනා සහිත පුද්ගලයන් දෙදෙනෙක් අත්අඩංගුවට නොගැනීම පිළිබද ප්‍රශ්නයක් මතු වී තිබේ.

මේ දැරියන්ගෙන් ලබාගත් කටඋත්තර අනුව ආයතනයේ රැකවරණය යටතේ සිටින දැරියන්ගෙන් සිවු දෙනෙක් නිමල් පීරිස් නැමැත්තා ස්වකීය කාර්යාලයට රැගෙන ගොස් තිබේ. මේ සිද්ධීය පිළිබද වැඩිදුර පරීක්ෂණ පැවැත්වීමට සොකෝ නිලධාරීන් ඊයේ ඔහුගේ කාර්යාලය විශේෂ පරීක්ෂාවට ලක් කළේය. එහෙත් ටෙලිෆික්ස් නැමැති මාධ්‍ය ආයතනය භාරව සිටිනා  නිමල් පීරිස් නැමැති අය කියා තිබුණේ මේ සිද්ධියට තමන්ගේ කිසිම සම්බන්ධයක් නොමැති බවය. ඒ ගැන පොලිසීයේ අදාල අංශ වලින් අසා නිවැරදි තොරතුරු ලබා ගත හැකි බවය.

මේ අතර මේ සියලු පරීක්ෂණ කටයුත්ත භාරව කටයුතු කළ උප පොලිසි පරීක්ෂකවරයි හදිසියේ ස්වකීය රාජකාරියෙන් බැහැරවී පුද්ගලික කටයුත්තක් සදහා යැයි කියමින් රෝහල් ගතව සිටින්නීය. ඇය පවසා තිබුණේ ඇයගේ පියා රෝහල්ගත කර ඇති බවය.

කෙසේ වෙතත් මෙපමණ  බරපතල තත්වයක් ඇති වී තිබෙද්දීත් මේ දැරියන් ස්වකීය දෙමව්පියන් දැනුවත් කිරීමට කටයුතු කර නැති බව පොලිසීය කියයි.  මේ දැරියන්ට ස්වකීය දෙමව්පියන් හමුවන්නට ඉඩ සලසා දී ඇත්තේ මසකට එක් වරක් පමණක් බව කියැවේ.

මේ දැරියන් කුරුණෑගල,අලව්ව,තඹුත්තේගම,දංගොල්ල,පස්යාල හා මහනුවර ප්‍රදේශවල පදිංචිකරුවන්ය. .

 

මේ සම්බන්දයෙන් අප පලකල පෙර ලිපි බලන්න

මහනුවර කෝටිපති කාමාතුරයෝ දැරියන් 12 දූෂණය කරති

තරුණ දියණිවරු දූෂණ සිද්ධියේ පරීක්ෂණයට බලපෑම්…

මහනුවර දැරියන් අපයෝජන සිද්ධියේ ප්‍රධාන චූදිතයා ජූජිත් ගේ ගජයෙක්….

මහනුවර දැරියන් දූෂණයේ සැක කරුවෙක් රිමාන්ඩ්… අනෙකා 9 දා අධිකරණයට

 

සබැඳි පුවත්

Leave a Reply

Your email address will not be published.