දුගී ඉන්දීය සැමියා බිරිඳගේ මෘත දේහය කර තියන් කිලෝමීටර 60 ක් පයින් ගිහින්…

Indian 2රෝහලේදී මියගිය තම බිරිඳගේ මළ සිරුර නිවෙසට ගෙනයාම සදහා වාහනයක් කුලියට ගැනීමට මුදල් නො මැතිවීම හේතුවෙන් කිලෝමීටර 60 ක් දුරින් පිහිටි තම නිවසට එය ඔසවාගෙන් යාමට කටයුතු කළ ඉන්දියාවේ සැමියෙකු පිළිබඳ ශෝචනීය පුවතක් වාර්තා වේ.

මෙම දුක්මුසු සිදුවීම සිදුවී ඇත්තේ බවානිපට්නා දිස්ත්‍රික් ප්‍රධාන රෝහලේ ක්ෂය රෝගය සඳහා ප්‍රතිකාර ලබමින් සිට මියගිය හතළිස් දෙහැවිරිදි අමාන් දේයි නැමති විවාහක කාන්තාවටයි.

බිරිඳගේ දේහය ගමට ගෙන යෑමට මුදල් නොවූ සැමියා අසරණ වී රෝහල් අධිකාරියෙන් පිළිසරණ පතා ඇතත් ඔවුන්ගෙන් කිසිදු සහනයක් ලැබී නැත.

අවසානයේ ඔහු බිරිදගේ දේහය රෙද්දකින් ඔතා කර තබාගෙන බවානිපට්නා සිට කිලෝමීටර හැටක් දුරින් වූ තම ගම වූ මෙලග්‍රා වෙත ගමන් කර ඇත.

ලෝකයේ විශාලම ප්‍රජාතාන්ත්‍රික රාජ්‍යය මෙන්ම වසර 5000 ක සාඩම්බර ශිෂ්ඨාචාරයක් හිමි තම රටේ මිනිසකු මරණයට පත් වූ විට අභිමානවත් අවසානයක් ලබා දීමට නොහැකි වී ඇති ආකාරය පිලිබඳව ඉන්දියාවේ බොහෝ දෙනෙක් කතා කරති. විශේෂත්වය වන්නේ මේ මනුෂ්‍යයින් ගේ ආණ්ඩුව ශ්‍රී ලංකාවේ අපට නොමිලේ ගිලන් රථ සේවයක් ලබාදීමට ඉදිරිපත් වීමය.

(EK)

සබැඳි පුවත්

Leave a Reply

Your email address will not be published.