දුමින්දට අමරුයි – ජ’පුර රෝහලට

Duminda Silvaමරණ දඬුවම නියම වී වැලිකඩ බන්ධනාගාර රෝහලේ මේ වන විට රඳවා සිටින හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී දුමින්ද සිල්වා ගේ රෝග තත්වය උත්සන්න වීම හේතු කොට ගෙන, වහාම ශ්‍රී ජයවර්ධනපුර රෝහල වෙත මාරු කර යැවීමට බන්ධනාගාර වෛද්‍යවරුන් කටයුතු කරමින් සිටිති.

පසුගියදා වැලිකඩ බන්ධනාගාර රෝහල වෙත ගිය www.lankanewsline.com වාර්තාකරුවෙකුට දැකගත හැකි වූයේ රැවුල වවාගත් කහ ගැහුණු මුහුණින් යුතු දුමින්ද සිල්වා කෙනෙකි.

ඔහු හා කථා කිරීමට ඉඩ ලැබුනේ පවුලේ අයට පමණි. ඔව්හු දුමිද ප්‍රිය කරන ජපන් කෑම ගෙරින් රැගෙන පැමිණියහ. එහි සිටි සිරකරුවන් කීප දෙනෙක්ම කියා සිටියේ මේ වන විට ඔහු තද හිසේ රදයකින් පෙළෙමින් සිටින බවයි.

ඔහු ගේ තත්වය තවත් බරපතල වුවහොත් ඔහුව සිංගප්පුරුවේ මවුන්ට් එලිසබත් රෝහල කරා රැගෙන යෑමට ඉල්ලීමක් ඉදිරිපත් විය හැකිය.

මුල්ලේරියා ගැටුමේදී හිසට එල්ලවූ වෙඩි ප්‍රහාරයෙන් මොලයට සිදුවූ හානි හේතුවෙන් ඇතිවූ අතුරු ආබාධ තත්වයක් මතුවෙමින් තිබෙන බවයි වෛද්‍යවරුන් බන්ධනාගාරයේ ජ්‍යේෂඨ නිලධාරින් වෙත දන්වා ඇත්තේ.

සබැඳි පුවත්

Leave a Reply

Your email address will not be published.