දුමින්ද රිවර්ස් ගියරයට

dumiඅති විශාල ජන සහභාගීත්වයක් ඇතිව කොළඹ හයිඩ් පිටියේ දී පසුගිය දා පැවැත්වුණු ඒකාබද්ධ විපක්ෂයේ “ජන සටන” විරෝධතා රැළියට සහභාගී වු පිරිස හේතුවන් එම රැළියට

සහභාගී වූ මන්ත්‍රීවරුන්ට එරහිව පියවර ගන්නා බව පැවසූ  නිදහස් පක්ෂ මහලේකම් දුමින්ද දිසානායක ඇමතිවරයාට අඩියක් පසු පසට ගැනීමට සිදුවී ඇත.

 හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ පාර්ලිමේන්තු මන්ත්‍රීවරයා ඇතුළු මන්ත්‍රීවරු 37 දෙනෙකුට එරෙහිව දැඩි විනය ක්‍රියාමාර්ග ගන්නා බවට ශ්‍රී ලංකා නිදහස් පක්ෂය තීරණය කොට ඇති බවයි දුමින්ද දිසානායක මීට පෙර කියා සිටියේ.

ශ්‍රී ලංකා නිදහස්‌ පක්‍ෂයේ නිල අවසරයකින් තොරව සිදු කර තිබෙන මෙම ක්‍රියාව පක්ෂයේ ව්‍යවස්ථාවට අනුව සම්පූර්ණයෙන්ම නීති විරෝධී බව යි ඇමතිවරයා කියා සිටියත් මේ සම්බන්ධයෙන් පියවර ගන්නා බවක් පෙනෙන්නට නැත.

කෙසේ වෙතත් පළාත් පාලන මැතිවරණ වලට පෙර මහින්ද- මෛත්‍රී දෙපාර්ශවය අතරේ එකඟතාවක් ඇති නොවුනහොත් දෙපාර්ශවයම අනතුරේ වැටීමට ඉඩ ඇති බව

වැටහීමක් ඇතිවෙමින් පවතී.

සබැඳි පුවත්

Leave a Reply

Your email address will not be published.