දුමින්ද සිල්වාට මරණ දඬුවම?

හිටduminda-33පු පාර්ලිමේන්තු මන්ත්‍රී භාරත ලක්ෂ්මන් ප්‍රේමචන්ද්‍ර  ඇතුළු සිවුදෙනෙකු ඝාතනය කිරීම සම්බන්ධයෙන් අධිචෝදනා ලැබ සිටින හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී දුමින්ද සිල්වා  ඇතුළු විත්තිකරුවන් 13 දෙනෙකුට එරෙහිව නීතිපතිවරයා පවරා ඇති නඩුවේ තීන්දු අද (08) තව ස්වල්ප මොහොතකින් ප්‍රකාශයට පත් කෙරේ.

නඩුව ගලාගෙන  පැමිණි ආකාරය විමර්ශනයකට ලක් කෙරෙන නීති විශාරදයන් පවසන්නේ ඝාතනය සම්බන්ධව අධිචෝදනා ලැබ සිටින දුමින්ද සිල්වා ට මරණීය දණ්ඩනය හිමි වීමට ඉතා වැඩි ඉඩක් ඇති බවය. ඔහු සමග අධිචෝදනා ලැබ සිටින විත්තිකරුවන් 9 දෙනෙකුටවත් මෙසේ මරණීය දණ්ඩනය හිමි වීමේ ඉතා වැඩි අවස්ථාවක් ඇතැයි ඔවුහු පෙන්වා දෙති.

නඩු විභාගයට ගත් කොළඹ මහාධිකරණ විනිසුරු ශිරාන් ගුණරත්න (සභාපති), පද්මිණි එන්.රණවක, ගුණතිලක හා එම්.සී.ඩී.එස්. මොරායස් ගෙන් සැදුම්ලත් ත්‍රිපුද්ගල මහාධිකරණ විනිසුරු මඬුල්ල විසින් මෙම නඩු විභාගය පවත්වාගෙන ගියේය.  මින් අඩුම තරමින් සාමාජිකයන් දෙදෙනෙක්    උක්ත තීන්දුවට එකග වන්නේ නම් එය අවසන් තීන්දුව  වනු ඇති බව  එම නීති විශාරදයෝ කියති.

අනුර තුෂාර ද මෙල්, චන්දන ජගත් කුමාර, චමින්ද රවී ජයනාත් නොහොත් දෙමටගොඩ චමින්ද, ලංකා ‍රසාංජන, ඩබ්ලිව්. ඒ. මාලක සමීර, විදාන ගමගේ අමිල සරත් බණ්ඩාර, සුරංග ප්‍රේමලාල්, සමන් කුමාර අබේවික්‍රම, ජනක බණ්ඩාර ගලගොඩ, ආර්. දුමින්ද සිල්වා, රෝහණ මාරසිංහ හා නාගොඩ ලියනාරච්චි යන විත්තිකරුවෝ මෙම නඩුවෙන් අධිචෝදනා ලැබ සිටිති.

නඩුවේ දහවන විත්තිකරු වූ ජනක බණ්ඩාර ග‍ලගොඩ අතුරුදන්ව ඇති බැවින් එම විත්තිකරු නොමැතිව අපරාධ නඩු විධාන සංග්‍රහ පනතේ 241 වගන්තිය යටතේ සෙසු විත්තිකරුවන්ට එරෙහිව මෙම නඩුව විභාගයට ගැනිණ.

2011/10/08 දින පැවැති පළාත් පාලන ඡන්දය දින මුල්ලේරියාවේ වල්පළ හන්දියේදී සිදු වූ වෙඩි තැබීමකින් හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී භාරත ලක්ෂ්මන් ප්‍රේමචන්ද්‍ර හා ජලාබ්දීන් මොහොමඩ් හසීන්, එම්මානුවෙල් කුමාරස්වාමි, දමිත දර්ශන ජයතිලක යන අය ජීවිතක්ෂයට පත්විය.

මෙම වෙඩි තැබීමෙන් නඩුවේ 11 වන විත්තිකරු වූ හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී ආර්. දුමින්ද සිල්වා  ද තුවාල ලැබූ අතර, දීර්ඝ කාලයක් ප්‍රතිකාර ලැබීමෙන් අනතුරුව නඩුවේ විත්තිකරුවකු ලෙස ඔහු අධිකරණය හමුවේ පෙනී සිටියේය.

අධි චෝදනා 17 ක් යටතේ විත්තිකරුවන් 13 දෙනාට එරෙහිව නීතිපතිවරයා විසින් මෙම නඩුව පවරා තිබිණි. 2011/10/08 දින පැවැති පළාත් පාලන ඡන්දය දින අයුතු ‍ජනරාශියක සාමාජිකයන්ව සිටිමින් භාරත ලක්ෂ්මන් ප්‍රේමචන්ද්‍ර  ඇතුළු සිව්දෙනෙකු ඝාතනය කළ බවට සියලුම විත්තිකරුවන්ට එරෙහිව නීතිපතිවරයා අධිචෝදනා නඟා ඇත.

එම නඩුව විශේෂ නඩු කටයුත්තක් ලෙස සලකමින් ත්‍රිපුද්ගල මහාධිකරණ විනිසුරු මඬුල්ලක් හමුවේ නඩුව විභාගයට ගැනීමට අගවිනිසුරුවරයා විසින් තීරණය කරන ලදී.

ඉන් අනතුරුව 2015 අප්‍රේල් මස 01 වැනිදා විත්තිකරුවන් හට විවෘත අධිකරණයේදී අධිචෝදනා පත්‍ර භාරදුන් අතර එදින සියලු විත්තිකරුවන් ප්‍රකාශ කර සිටියේ තමන් මෙම චෝදනාවන්ට නිවැරැදිකරුවන් ‍බවයි.

ඉන් අනතුරුව නඩුව විභාගයට ගැනීමට තීරණය කළ ත්‍රිපුද්ගල විනිසුරු මඬුල්ල 2015/10/12 වැනි දින නඩුවේ විභාග කටයුතු ආරම්භ කළේය.

පැමිණිල්ල විසින් සාක්ෂිකරුවන් 48 දෙනෙකු විත්තියට එරෙහිව සාක්ෂි දීම සඳහා අධිකරණය හමුවේ කැඳවන ලදී.

විත්තිය වෙනුවෙන් විත්තිකරුවන් විත්ති කූඩුවේ සිටම ප්‍රකාශ ලබා දුන්නද දුමින්ද සිල්වා වෙනුවෙන් ඔහුගේ පියා සාක්ෂි කූඩුවට නැඟ සාක්ෂි ලබා දුන්නේය.

තවද චමින්ද රවී ජයනාත් නොහොත් දෙමටගොඩ චමින්ද වෙනුවෙන් ද, සාක්ෂිකරුවන් තුන්දෙනෙකුගේ සාක්ෂි අධිකරණය නඩුවේ කැඳවන ලදී.

මෙම නඩුවේ පැමිණිල්ල මෙහෙයවූ නියෝජ්‍ය සොලිසිටර් ජෙනරාල් තුසිත් මුදලිගේ  විසින් දින කිහිපයක් පුරාවට පැමිණිල්ල වෙනුවෙන් සිය දේශන ඉදිරිපත් කළේය.

විත්තිකරුවන් වෙනුවෙන් ද ඔවුන්ගේ නීතිඥවරුන් දින ගණනාවක් පුරාවට සිය දේශන ඉදිරිපත් කිරීමෙන් අනතුරුව නඩුවේ තීන්දුව තව  වේලාවකින් රැස්වන පංච පුද්ගල විනිසුරු මඩුල්ලක් විසින් සිදු කෙරේ.

සබැඳි පුවත්

15 thoughts on “දුමින්ද සිල්වාට මරණ දඬුවම?

  • September 8, 2016 at 9:39 am
    Permalink

    සත්‍ය මේව ජයතේ

    Reply
  • September 8, 2016 at 10:02 am
    Permalink

    මෙහෙම කලොත් අපේ පළාතේ කුඩු බිස්නස් එකට මොකද වෙන්නේ

    Reply
  • September 8, 2016 at 10:18 am
    Permalink

    සල්ලි තියෙනව නම් හිර ගෙදර නරක තැනක් නෙවේ

    Reply
  • September 8, 2016 at 3:06 pm
    Permalink

    හිරුනිකාට නින්ද යනවා ඇති

    Reply
  • September 8, 2016 at 3:35 pm
    Permalink

    කල කල දේ පල පල දේ. කරන කලට පවු මිඉහිරිය පැණි සේ….. විඳින කලට ……………………….

    Reply
  • September 8, 2016 at 3:55 pm
    Permalink

    මුදල්, නිලබලය මත හැමදේම තීරණය වන කාලයක් මේක. මේ දඩුවම් වුනත් වෙනෙස් වෙන්න පුළුවන්.

    Reply
  • September 8, 2016 at 3:58 pm
    Permalink

    dan munta anubala dunna ayatath una aragena athi.

    Reply
  • September 8, 2016 at 4:03 pm
    Permalink

    හිරුණිකාගේ මහන්සිය ප‍්‍රතිඵල තමා මේ……… ජයවේවා……..

    Reply
  • September 8, 2016 at 4:04 pm
    Permalink

    මේවට මුකුත් කියලත් බෑ නොකියත් බෑ……………

    Reply
  • September 8, 2016 at 4:04 pm
    Permalink

    යහපාලනේ බොලව් යහපාලනේ

    Reply
  • September 8, 2016 at 5:39 pm
    Permalink

    siyalu choodana walin nidos kota nidahas kiyala nadu thinduwa labeida danne ne……….

    Reply
  • September 8, 2016 at 5:43 pm
    Permalink

    කුඩ්ඩන්ට පිලුවන්ද සුපිරි ගේම් දෙන්න-ඒ ඔකොටම හිරු නිකර් වැඩේ දුන්නා

    Reply
  • September 8, 2016 at 5:55 pm
    Permalink

    මොනවා කිව්වත් දුමින්ද යනු මින්සුන් වෙනුවෙන් කැපවූ සමාජ සේවකයෙකි-යම පාලනයේ බිල්ලකි.එතුමන්ට සාධාරණය
    ඉටු කළ එක් විනිසුරුවරයෙක් සිටීම සැනසීමට හේතුවකි.

    Reply
  • September 8, 2016 at 5:57 pm
    Permalink

    දුමින්ද යහ පාලන බෝට්ටුවට පැන්නා නම් අද එයා නිදොස් කොට නිදොස්-

    Reply
  • September 8, 2016 at 11:10 pm
    Permalink

    meka thawath chanda gunduwaki wadiya kalabalawenna epaa

    Reply

Leave a Reply

Your email address will not be published.