දෙවන ගූගල් ලූන් බැලුනයටත් අපලයි

hareen loonසීගිරියේ පැවැත්වෙන යොවුන් පුරයට සමගාමීව දෙවන ගූගල් ලූන් බැලුනය ඊයේ දිනයේ ගුවන් ගත කිරීමට යොදා තිබිණි.

එහෙත් මෙම බැලුනයත් ගුවන් ගත කිරීමට නොහැකි විය.ඊට හේතුව වුයේ එම බැලුනයට වාතය පුරවමින් සිටිය දී එය යකඩ බටයක ගැටී වාතය කාන්දු වීමයි.

අමාත්‍ය හරීන් ප්‍රනාන්දු මහතාගේ ප්‍රධානත්වයෙන් මෙම බැලුනය ගුවන්ගත කිරීමට නියමිතව තිබුන ද ඊයේ දිනය දක්වා කල් තැබූණේ බැලුනය සවිකර ඇති කුටිය නිසිලෙස සකසා ගැනීමට නොහැකි වීමයි.

කෙසේ වෙතත් ඊයේ ආපදාවට ලක්වූ බැලුනය පරික්ෂා කිරීමට විදුලි සංදේශ හා ඩිජිටල් යටිතල පහසුකම් අමාත්‍ය හරීන් ප්‍රනාන්දු මහතා ද එහි පැමිණියේය.

මාධ්‍ය වෙත අදහස් දැක වූ අමාත්‍ය වරයා පැවසුවේ මේ සඳහා රජයේ මුදල් වියදම් කර නොමැති බවයි.

මීට පෙර ගුවන් ගත කෙරුණු ගූගල් ලූන් ව්‍යාපෘතියට අයත් බැලුනය ගම්පොල – පුපුරැස්ස – කළුගල්වත්ත ප්‍රදේශයට කඩා වැටුනේ පසුගිය පෙබරවාරි 17 වන දින රාත්‍රියේය.

ශ්‍රී ලංකාවේ ගුවන් කලාපය ආවරණය කරමින් අධිවේගී අන්තර්ජාල පහසුකම් ලබා දීම සඳහා අත්හදා බැලීමක් ලෙස එය ගුවන් ගත කර තිබුණි.

[vsw id=”rBB7XzNadYc” source=”youtube” width=”325″ height=”244″ autoplay=”no”]

සබැඳි පුවත්

Leave a Reply

Your email address will not be published.