නාවික හමුදා යුද අපරාධ පරීක්ෂණයේ රජයේ සාක්ෂිකරු රැකගන්න ජාත්‍යාන්තර මෙහෙයුමක්…

Navy 2-1Navy 22හිමිකම් පිළිබඳ මහ කොමසාරිස් සෙයිද් අල් හුසේන් විසිශ්‍රී ලංකාවට එරෙහි දරුමාන් මණ්ඩලයේ වාර්තාව සැකසූ ජාත්‍යන්තර මානව හිමිකම් නීතිවේදිනී යස්මින් සූකා විසින් ඉදිරපත් කළ, ත්‍රීකුණාමලය නාවික හමුදා මූලස්ථානයේ  පවත්වාගෙන ගියේ යැයි කියනු ලබනා වදකාගාරයක් පිළිබද වාර්තාවේ ප්‍රධාන වධකයෙක් ලෙස ඇය විසින්ම නම් කළ ලුතිනන් කමාන්ඩර් කේ.සී වෙලගෙදරට සියලු ආරක්ෂාව සපයා දෙන ලෙස දැන්වූ ලිඛිත සංදේශයක් එක්සත් එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් පිළිබඳ මහ කොමසාරිස් සෙයිද් අල් හුසේන් අග්‍රාමත්‍යවරයා වෙත යොමු කර තිබේ.

මේ ලිපිය යොමු කරනු ලබන්නේ ලුතිනන් කමාන්ඩර් වෙලගෙද නැමැත්තා රජයේ සාක්ෂිකාරයෙක් ලෙස ඉදිරිපත්වී යුද සමයේ ත්‍රස්තවාදීන් මර්ධනය සදහා කළ විශිෂ්ට බුද්ධි මෙහෙයුම් ගණනාවක තොරතුරු හෙළි කර රටේ නාවික  හමුදාව පාවාදීමට ඇතිකරගත් එකගතාවය මත බව වාර්තා වේ.

යුද සමයේ රටේ බුද්ධි ප්‍රධානීන් හා නාවික හමුදාවේ බුද්ධි අංශයේ කිහිප දෙනෙක් සමග සිදුකළ මහා පරිමාණ මිනිස් ජාවාරම සම්බන්ධවත්, මානව හිමිකම් කඩකිරීම්, කොල්ලකෑම් හා මිනී මැරීම් පිළිබදවත්, අත්පත් කරගත් අතාර්කික වත්කම් පිළිබදවත් නාවික හමුදාවෙන් පරීක්ෂණ ආරම්භ වීමත් සමග ඔහු රජයේ සාක්ෂි කරුවෙක් ලෙස ඉදිරිපත් වී ඇත.  මේ තැනැත්තා සම්බන්ධව සම්පූර්ණ වාර්තාවක් නාවික හමුදාපතිවරයා විසින් ආරක්ෂක ලේකම්වරයාට ඉදිරිපත් කර තිබිණි. එසේ අතිබියදී නොදන්වා හමුදාව අත්හැර  ඔස්ට්‍රෙලියාවට ගිය වෙලගෙදරට හමුදා අධිකරණයෙන් දුන් සිව් වසරක සේවා පහත දැමීමේ දඩුවම ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන හරහා  ඔහු අහෝසි කර ගත්තේය.

යස්මින් සුකා විසින් ඇයගේ වාර්තාවේ දක්වා ඇත්තේ කේ.සී වෙලගෙදර නැමැත්තා විසින් නාවික හමුදා භාරයේ සිටි එල්.ටී.ටී.ඊ රැදවියන්ට පහර දෙමින්, වද හිංසා කරමින් රත්තරන් බඩු හා මුදල් සගවා ඇති ස්ථාන පවසන ලෙස බල කළ බවය. යුද්දය නිමාවීමත් සමග රත්තරන් හා මුදල් සගවා ඇති ස්ථාන  සෙවිම සදහා වෙලගෙදර විසින් ස්කෑන්ර් යන්ත්‍ර රැගෙනගිය බවට වූ චෝදනා ආරක්ෂක අමාත්‍යාංශය වෙත ලැබී ඇතැයි වාර්තා වේ.

කෙසේ වෙතත් රජයේ සාක්ෂිකාරයෙක් ලෙස පෙනී සිටීමට පෙර නාවික හමුදාපතිවරයාම අන්ත දූෂිත නිලධාරියෙක් ලෙස නම් කර ආරක්ෂක අමාත්‍යංශයට ඒ බව ලිඛිතව දන්වා දඩුවම් කිරීමට යෙදුණු කේ.සී වෙලගෙදර විසන් දැන් නාවික හමුදාපතිවරයාට දන්වා ඇත්තේ තමන්ට ආරක්ෂාව පිළිබද ගැටලුවක් ඇති බැවින් නාවික හමුදා භටයන්ආ 5 දෙනෙකුට නොඅඩු ප්‍රමාණයක ආරක්ෂාව හා විශේෂ රථයක් ලබා දෙන ලෙසය.

සබැඳි පුවත්

Leave a Reply

Your email address will not be published.