නියත ජය වරදී… පළමු දිනුම හොර ටිකට් එකකට… ජයග්‍රාහකයා අත්අඩංගුවේ…

nn22ඉකුත් මැයි මාසයේ සංවර්ධන ලොතරැයි මණ්ඩලය විසින් දිණුම් අදින ලද  නියත ජය ලොතරැයියේ පළමු දිනුමට හිමි කරගත් ටිකට් පත ව්‍යාජ ටිකට් පතක් බවට හෙළිදරවු වීමත් සමග ජාතික ලොතරැයි මණ්ඩලය හා සංවර්ධන ලොතරැයි මණ්ඩලයේ නිලධාරීන් පිරිසක් ටිකට්පත් මුද්‍රණය කිරීම භාරගත් කොන්ත්‍රාත්කාර සමාගම් හා එක්ව කරනු ලබන  බරපතල මූළ්‍ය වංචාවක තොරතුරු එකිනෙක මතුවෙමින් ඇත.

මෙම ගැටලුව මතු වී ඇත්තේ නියත ජය ලොතරැයියේ 462 දිනුම් වාරයේ දිනුම් අදින ලද ලොතරැයි මුල් දිනුම සම්බන්ධවය.

ජයග්‍රාහී අංක ඇතුළත් ටිකට් පත සංවර්ධන ලොතරැයි මණ්ඩලයට ලැබීමෙන් පසුව අදළා ටිකට් පත ඉදිරිපත් කළ ජයග්‍රාහකයා පොලිසියි විසින් අත්අඩංගුවට ගෙන තිබේ.

මෙම ටිකට් පත ව්‍යාජ ටිකට්පතක් වුවද එය ජාතික ලොතරැයි මණ්ඩලය මගින් නිකුත් කර ඇති එකක් බවත්  එහි ජයග්‍රාහී අංක අනුපිළිවෙල සම්බන්ධයෙන් ගැටලුවක් මතු වූ බවත් ජාතික ලොතරැයි මණ්ඩලයේ අතිරේක සාමාන්‍යාධිකාරී රොමේෂ් ජයසිංහ මාධ්‍යයට පවසා තිබිණි.  එසේ වුවද ලොතරැයි පත ඉදිරිපත්කළ පුද්ගලයා අත්අඩංගුවට ගෙන අපරාධ පරීක්ෂණ  දෙපාර්තමේන්තුව මගින් විශේෂ පරීක්ෂණයක් පවත්වන බව සංවර්ධන ලොතරැයි මණ්ඩලය පවසයි.

මේ සම්බන්ධයෙන් ජාතික ලොතරැයි මණ්ඩලයේ සභාපතිනී  ශර්මිලා පෙරේරා පවසා ඇත්තේ ව්‍යාජ ටිකට්පත් මුද්‍රණය කිරීම හැම දිනකම හැම මාසයක් තුළම සිදුවී ඇති බවත්, අනතුරුව නීතිපතිවරයාට මේ තත්වය දැනුම් දී විශේෂ ආරක්ෂිත ක්‍රමවේදයක් අනුගමනය කළ බවත්, මුදල් නෝට්ටුත් ව්‍යාජ ලෙස මුද්‍රණය කරන රටක ටිකට් පොත් හොරට මුද්‍රණය කිරීම නරත කිරීම දුෂ්කර බවත්ය. මේ තත්වය හැකි උපරිමයෙන් පාලනය කර ඇති බවද ඇය වැඩිදුරටත් කියා තිබුණාය.

සබැඳි පුවත්

Leave a Reply

Your email address will not be published.