නිශ්ශංක සේනාධිපති ලද ක්ෂණික ඇපයේ නොකී කතාව

Nissanka 2 ඇවන්ගාඩ් මෙරිටයිම් සමාගමේ සභාපති නිශ්ශංක සේනාධිපති සහ හිටපු මේජර් ජනරාල් පාලිත ප්‍රනාන්දු ඊයේ (6) සවස 3.30 ට පමණ අල්ලස් හෝ දූෂණ කොමිසම මගින් අත්අඩංගුවට ගත්තේය. අත්අඩංගුවට ගත් මේ දෙපළ කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් ගිහාන් පිලපිටියගේ නිවසට ගෙනගොස් ඉදිරිපත් කළේය.  එහිදී ගිහාන් පිලිපිටිය විසින් මේ එක් අයෙකුට රුපියල් ලක්ෂ දෙක හමාර බැගින්ද, රුපියල් ලක්ෂ 10 බැගින් වූ ශරීර ඇපය බැගින්ද නියම කර ඇප මත මුදා හරිනු ලැබූහ.

මේ අත්අඩංගුවට ගැනීමට හේතුව වූයේ රුපියල් ලක්ෂ 355 මුදලක් ඇවන්ගාර්ඩ් සමාගම විසින් පාලිත ප්‍රනාන්දු අරමුදල ලෙස පවත්වාගෙන ගිය හිටපු මේජර් ජනරාල් පාලිත ප්‍රනාන්දුගේ අරමුදලකට බැර කිරීමය. නීතිඥවරුන් කීවේ මේ ගිනුම පුද්ගලික ගිනුමක් නොවන බවත්, එය අරමුදලක් බවත්, මුදල් බැර කර ඇත්තේ අරමුදලකට බැවින් එය අල්ලසක් නොවන බව හා එම මුදල මේ මොහොතේත් අරමුදලේ පවතිනන නිසා අදාල වගන්ති යටතේ අැප ලබාදීමට අධිකරණය ක්‍රියාකළ බවත්ය.

එහෙත් මේ මුලු සිද්ධිය පුරාම දිවෙන පොදු ජනතාව නොදන්නා යටි පෙළක් තිබේ. එනම් ඇවන්ගාඩ් හා බැදුණු සෑම සිද්ධියක් කේන්ද්‍රකරගනිමින්ම ඇති වන දේශපාලන ජඩකම්ය.  හරි හෝ වැරදි හෝ වේවා ඇවන්ගාර්ඩ් මෙරිටයිම් සභාපති නිශ්ශංක සේනාධිපති නෛතික ගැටලුවලට මැදි කරමින් සිටින්නේ ආණ්ඩුවේම දේශපාලකයින් දෙදෙනෙක් වන චම්පික රණවක හා රාජිත සේනාරත්නය. මේ දෙදෙනාම තමන්ගෙන් අල්ලස් ඉල්ලූ බව නිශ්ශංක සේනාධිපති කියන්නේය. රාජිත සේනාරත්න තමන්ගෙන් ඉල්ලූ අල්ලස් මුදල කෝටි 400 බව ඔහු වරෙක කියා තිබිණි.  අනෙක් හාස්‍ය ජනක සිද්ධිය වන්නේ ඉහත දේශපාලකයන් දෙපළගේ බලපෑම මත කෙරෙන අත්අඩංගුවට ගැනීම් මාලාවේ එකක් ලෙස අද නිශ්ශංක සේ්නාධිපති අත්අඩංගුවට ගත්විට ඔහුට ක්ෂණික ඇප ලබාදීමට මැදිහත් වන්නේ චම්පිකලාත්, රාජිතලාත් ඇමතිකම් දරන ආණ්ඩුවේ ප්‍රභලම දේශපාලන පක්ෂයක මහ ලේකම්වරයෙක් වීමය.

මේ සියලු ගාම්භීර ක්‍රියාකාරකම් අවසානයේදී හොර ඇල්ලීම සදහා හෝ ජාතික වගකීම් ඉටු කර රාජ්‍ය ප්‍රාග්ධනය ආරක්ෂා කිරීම සදහා නොවේ. තම තමන්ට අදාල විලිලජ්ජා නැති ගනුදෙණු සදහාය.

දැන් මේවා දකින ඔබ වෙනම කල්පනා කළ යුතුය. මොකද කියන්නෙ… අඩනව ද?. නැත්නම් හිනා වෙනව ද?

 

 

සබැඳි පුවත්

Leave a Reply

Your email address will not be published.