නිශාන්තගේ ඇප තීන්දුව හෙට

nishaනිශාන්තගේ ඇප තීන්දුව හෙට 

C.S.N නාළිකාව සම්බන්ධ සිද්ධියට අත්අඩංගුවට ගෙන රක්ෂිත බන්ධනාගාරයේ සිටින නාළිකාවේ ප්‍රධාන විධායක නිලධාරී නිශාන්ත රණතුංග මාහතා ගොනුකළ ඇප අයදුම්පත හෙට (16) සලකා බැලීමට කොළඹ මහාධිකරණ විනිසුරු M.C.B.S. මොරායස් මහතා අද නියෝග කළේය.

ඊයේ (14) මෙම පෙත්සම සලකා බැලුණු අවස්ථාවේ මේ පිළිබඳ තීරණය අද (15) ප්‍රකාශයට පත් කරන බව පැවසුවේය.

නිශාන්ත රණතුංග මහතා සමග රක්ෂිත බන්ධනාගාර ගතව සිටි යෝෂිත රාජපක්ෂ ඇතුළු සිව්දෙනෙකුට කොළඹ මහාධිකරණ විනිසුරු A.A.R.හෙයියන්තුඩුව මහතා ඊයේ (14) අප නියම කළේය.

නිශාන්ත රණතුංග වෙනුවෙන් ජනාධිපති නීතීඥ නලීන් ලද්දුවහෙට්ටි අධිකරණයට කරුණු ඉදිරිපත් කර සිටියේය.

සබැඳි පුවත්

Leave a Reply

Your email address will not be published.