පසුබෑම මැඩලීමට ක්‍රිකට් වලට මසුරන් මල්ලක්

sl cricketපසුබෑම මැඩලීමට ක්‍රිකට් වලට මසුරන් මල්ලක්

ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායම පරාජයේ පතුලටම තල්ලුවීම වළ ක්වාලීම සදහා ක්ෂණික මෙහෙයුම් කිහිපයක් දියත් කිරීමට හිටපු දග පන්දු යවන්නෙක් වන ලලිත් කළුපෙරුම කැදවා ඇත.

ඕමානයේ ක්‍රිකට් පුහුණුකරුවෙක් සේ කටයුතු කරන දුලීප් මෙන්ඩිස් ද මේ මෙහෙයුමට එක්වීමට නියමිතය.

මෙන්ඩිස් මෙන්ම කළුපෙරුමත් 1982 මුල්ම ටෙස්ට් ක්‍රීඩා තරගයට එක වූ ක්රීඩකයන්ය.

ශ්‍රී ලංකා පුහුණු සංචිතයට දුර බැහැර පළාත් වලින් ක්‍රීඩකයන් ක්‍රීඩකයන් තෝරා ගැනීමේ ක්‍රියාවලිය ක්‍රමවත් කිරීම ප්‍රධාන අභියෝගයක්ව පවතී.

දඹුල්ල ක්‍රිකට් ක්‍රීඩාංගනයේ නිවී ගිය විදුලි ආලෝක පද්ධතිය පිළිසකර කොට ජාත්‍යන්තර ක්‍රීඩා තරග සදහා එම පිටිය භාවිතා කිරීමටත් ක්‍රීඩා බලධාරීහු කටයුතු කරමින් සිටී.

මේ අතර වාරයේ මසකට රු. 150000 ක වැටුපක් ලබන ක්‍රිකට් උපදේශකයන් පිරිසක් පත් කිරීමටත් කටයුතු කොට ඇත.

ක්‍රිකට් සංවර්ධනයට මේ උපදේශකයින්ගේ වගකීමයි.

අනුර වීරසිංහ, ප්‍රියන්ත සොයිසා, ක්‍රිෂාන්ත ද සිල්වා, හේමාල් මෙන්ඩිස් සහ ඉන්ද්‍රානි අබේරත්න මේ පිරිසයි.

තිලංග සුමතිපාල නව ක්‍රිකට් පාලන මණ්ඩල සභාපතිවරයා හට සංවර්ධන කටයුතු කරගෙන යාම සදහා රු. මිලියන 750 ක මුදලක් වෙන් කොට ඇත.

මේ අතරවාරේ ක්‍රිකට් නිලවරණයෙන් කැපී පෙනෙන ජයග්‍රහණයක් ලද තිලංග සුමතිපාල විසින් කරන ලද පත්වීම් ප්‍රශ්න කරන පිරිසක් ද වෙති.

සබැඳි පුවත්

Leave a Reply

Your email address will not be published.