ප්ලාස්ටික් බෝතල් ටොන් පහක් දිනපතා මුහුදට- ප්ලස්ට්ක් බෝතල් තහනම නීත්‍යනුකුලද?………..

plastic-bottles-2මසුන් ඇල්ලීම සඳහා දිනපතා ධීවර යාත්‍රා 50,000කට අධික ප්‍රමාණයක් මුහුදට යන අතර, ඔවුන් විසින් ජලය ගෙන යාම සඳහා යොදා ගන්නා ප්ලාස්ටික් බෝතල් ඇතුළු ප්ලාස්ටික් අපද්‍රව්‍ය ටොන් 05ක පමණ ප්‍රමාණයක් දිනපතා මුහුදට බැහැර කරන බව, ධීවර හා ජලජ සසම්පත් සංවර්ධන අමාත්‍යාංශයට වාර්තා වී තිබේ.

ඊයේ  (24) පෙරවරුවේ ධීවර හා ජලජ සම්පත් සංවර්ධන අමාත්‍ය මහින්ද අමරවීරගේ ප්‍රධානත්වයෙන් අමාත්‍යාංශයේ දී පැවති ප්‍රගති සමාලෝචන රැස්වීමේ දී මේ බව හෙළි විය. මෙම ප්ලාස්ටික් බෝතල් ධීවරයින් විසින් මුහුදට බැහැර කිරීම නිසා මුහුදු පතුලේ තිබෙන කොරල්පර, ජලජ පැළෑටි, මසුන් මෙන්ම වෙනත් ජලජ ජීවීන්ට විශාල වශයෙන් හානි කරවන බව ධීවර අධ්‍යක්ෂ ජනරාල් ක්‍රිස්ටි ලාල් ප්‍රනාන්දු දැනුම් දුන්නේය.

මෙහි දී අදහස් පළ කළ අමාත්‍යවරයා – පරිසරය සුරක්ෂිත කිරීම සඳහා පරිසර අමාත්‍යවරයා වශයෙන් ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා විශාල මෙහෙවරක් ඉටුකරන බැවින්, ඔහුගේ වැඩපිළිවෙලට සහයෝගය දැක්වීමක් වශයෙන් ධීවරයින් මුහුදු යන විට ජලය ගෙන යාම සඳහා භාවිතා කරන කුඩා සහ මධ්‍යම ප්‍රමාණයේ සියළුම ප්ලාස්ටික් ජල බෝතල් මුහුදට ගෙන යාම තහනම් කරන ලෙස, දැනුම් දුන්නේය.
කෙසේ වෙතත් මෙවැනි තහනමක් පැනවීමට ධීවර ඇමති වරයාට අයිතියක් ඇත්දැයි ප්‍රශ්නයක් මතුවේ. පාරිසරික ගැටළුව ගැන අවධානය යොමු කිරීම වැදගත් වුවත් මෙවැනි තීරණ ගැනීමීදී ධීවර ජනතාව හා කතිකා කොට තීරණයකට එළබීම වැදගත්ය. එසේ නොමැතිව ඇතිවන්නේ මාධ්‍ය සංදර්ශනයක් පමණි. මේ ආකාරයට දේවල් තහනම් කල් හැකි නම් පලමු කොටම කළ යුත්තේ තහනම් දැල් පන්න භාවිතය නතර කිරීම බව lankanewsline.com ඇමතු ධීවරයෙක් පැවසීය.

සබැඳි පුවත්

Leave a Reply

Your email address will not be published.