ප්‍රභූ පවුලක් සතු යැයි කියන විදෙස් ගිණුම් තොරතුරු හෙළි කරන්න. – අනුර

akdමෙරට දේශපාලන ප්‍රභූ පවුලක සාමාජිකයකු හා එම පවුලේ සමීපතමන් තිදෙනකු විසින් ඩුබායි හි පෞද්ගලික බැංකුවක පවත්වාගෙන යන ගිණුම් තුනක් සම්බන්ධයෙන් වාර්තා රටට හෙළි කරන ලෙස විපක්ෂයේ ප්‍රධාන සංවිධායක, ජවිපෙ නායක අනුර කුමාර දිසානායක මහතා ඊයේ (27) පාර්ලිමේන්තුවේ දී ආණ්ඩුවෙන් ඉල්ලා සිටියේය.

වංචා දූෂණ සම්බන්ධ පරීක්ෂණ කටයුතු බලපෑම්වලින් තොරව සාධාරණ ලෙස සිදුවිය යුතු බවත් ඒවාට සම්බන්ධ වරදකරුවන්ට එරෙහිව කඩිනමින් නීතිය ක්‍රියාත්මක විය යුතු බවත් ඔවුන් විසින් සොරකම් කරන ලද මහජන ධනය නැවත රටට අත්පත් කර ගත යුතු බවත් අවධාරණය කළ දිසානායක මහතා වසරකට වැඩි කාලයක් ගතවී ඇති නව පාලනය යටතේ මෙම වංචා හා දූෂණවලට එරෙහිව ප්‍රමාණවත් ක්‍රියාමාර්ග ගෙන නොමැති බවටත් සිදුවෙමින් ඇති විමර්ශන කටයුතු අපේක්ෂා කළ තරම් වේගයකින් ඉදිරියට නොයන බවටත් වර්තමාන ආණ්ඩුව විසින් තමන්ගේ බලය වෙනුවෙන් දූෂිතයන් රකිමින් සිටින බවටත් වංචා දූෂණ විමර්ශන කටයුතුවලට බලපෑම් සිදුවෙමින් තිබෙන බවටත් මහජනතාව තුළ බලවත් සැකයක් වර්ධනය වෙමින් තිබෙන බවත් වැඩි දුරටත් සඳහන් කළේ ය.

සබැඳි පුවත්

Leave a Reply

Your email address will not be published.