ප්‍රවාහන ඇමතිගේ රටක් වටින පුතා… සභාපතිකම් 2 යි. ලේකම් තනතුරු 1 යි. පඩි 3 යි. වාහන 3 යි…

ලලිත් වනිගරත්න
ලලිත් වනිගරත්න

බස්‌නාහිර පළාත් සභාවේ ප්‍රවාහන ඇමති ලලිත් වනිගරත්න එම  අමාත්‍යාංශයට අයත් ආයතන දෙකක්වන මාර්ගස්ථ මගී ප්‍රවාහන සේවයේ හා සමූපකාර ණය දෙන සංස්ථාවේ ( වෙස්කෝ) සභාපති තනතුරු සඳහා සිය පුත්‍රයා වූ නුවන් වනිගරත්න පත්කර තිබේ.

ඇමැතිවරයාගේ පෞද්ගලික ලේකම් ලෙසද නුවන් වනිගරත්න  කටයුතු කරන අතර ඔහු රජයේ ලබන වැටුප් තුනකට අමතරව නිල වාහන 03 ක්‌ මේ වන විට භාවිත කරන බව බස්නාහිර පළාත් සභා ප්‍රවාහන අමාත්‍යාංශ ආරංචි මාර්ග කියයි.

නුවන් වනිගරත්න මේ වනවිට  දේශපාලන හිතවත්කම් මත පුද්ගලයන් දෙදෙනකුට ඉහළ තනතුරු දෙකක්‌ ලබාදී ඇති අතර තම ආයතනයේ සේවය කරන වයස අවුරුදු 60 ඉක්‌මවූ පුද්ගලයන් දෙදෙනකුට සේවා දිගු ලබා දී තිබේ.

මීට පෙර අවස්ථාවකදී ලලිත් වනිගරත්න ප්‍රවාහන අමාත්‍යවරයාට විශ්වාස භංගයක් ගෙනඒමට විපක්ෂ මන්ත්‍රීවරු සැරසුනේය. ඊට හේතුව වි තිබුනේ මාර්ගස්ථ මගී ප්‍රවාහන අධිකාරියට සහ පළාත්බද මාර්ග සංවර්ධන අධිකාරියට දූෂිත සභාපතිවරුන් පත් කර අති බව ඇතුළු චෝදනා කිහිපයක් මුලකරගනිමිනි.

මෙම  විශ්වාස භංග යෝජනාව   විවාදයට ගැනීමට පෙර අදාල මන්ත්‍රින් විසින් එකී යෝජනාව ඉල්ලා අස්කර ගෙන තිබුනේ එම නිළධාරින්ව ඉවත් කිරිමට ඇමතිවරයා පොරොන්දු වූ නිසාය. අන්තිමට ඇමතිවරයා තම පුත්‍රයාව වෙස්කෝ හි සභාපති කමට අමතරව මාර්ගස්ථ මගී ප්‍රවාහන අධිකාරියේ සභාපති බවටත් පත් කළේය.

ලලිත් වනිගරත්න පසුගිය සතියේදී ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන   අතින් ශ්‍රී ලංකා නිදහස්‌ පක්‍ෂයේ දිස්‌ත්‍රික්‌ සංවිධායක ධුරයකින් පිදුම් ලැබීය.

සබැඳි පුවත්

Leave a Reply

Your email address will not be published.