පා ගමන පෑලියගොඩට පමණයි…

Jana satana 5-1
ඒකාබද්ධ විපක්ෂයේ පා ගමන පෑලියගොඩින් කෙළවරවන ලකුණු මේ වනවිට පහළ වී තිබේ.

ඒකාබද්ධ විපක්ෂය තවමත් මෙම පා ගමනේ අවසන් ස්ථානය පිළිබද නිශ්ඡිතව දැනුම් දී නැති වුවද  පා ගමනට කොළඹ නගරය තුළට ඇතුළුවීමට ඇති ඉඩ ඇහිරීමට ආණ්ඩුව පාර්ශවයෙන් කටයුතු කරමින් හිදී. ලබන සදුදා දින සවස අධික ජනතාවක් එකවර කොළඹට ඇතුලුවීමට යෑමේදී ඇතිවන ජනතා පීඩාව මුල් කරගෙන පොලිසිය ඒ සදහා වැට බැදීමට නීත්‍යානුකූල පදනමක් සොයමින් හිදී.

පා ගමනේ අවසන් රැළිය පැවැත්වීමට හයිඩ් පාර්ක් පිටිය ලබා ගැනීමට ඒකාබද්ධ විපක්ෂය විසින් අවසර ඉල්ලා තිබුණද දැනට පවතින අලුත්වැඩියා තත්වය තුළ එය ලබා දීමට නොහැකි බව දන්වා ඇත. මේ නිසා පෑලියගොඩ නවලෝක පිට්ටනිය අවසන් රැළිය පවත්වන ස්ථානය වීමට බොහෝ දුරට ඉඩ තිබේ.

කෙසේ වෙතත් පා ගමනට අපේක්ෂිත ජනතාවක් සහභාගී නොවුණ නිසා සංවිධායක පිරිස් හිටපු ජනාධිපතිවරයාගේ දෝෂ දර්ශනයට ලක්ව ඇති බව වාර්තා වේ. ජන සටන පා ගමන ආරම්භක අවස්ථාවේ ඊට සහභාගී වී ඇත්තේත් තුන් දහසකට ආසන්න පිරිසක් බවත් දෙවන දිනයෙ වූ 29 දා එය එක්දහස් පන්සියය තෙක් අඩු වී ඇති බවත් පොලිස් ආරංචි මාර්ග පවසයි. ලැබෙන තොරතුරු වලට අනුව ඉන් 800 වඩා හිද ඇත්තේ කාන්තාවන්ය.

පා ගමනට කිසිම බාධාවක් ඇති නොවනන ආකාරයට මහා මාර්ග නිරවුල් කරදීමට පොලිසිය කටයුතු කරමින් හිදී. එක් ස්ථානයකට අනවශ්‍ය ලෙස පාද යාත්‍රාකරුවන් ඒකරාශී වීම වැලැක්වීම පොලිසියේ අභිලාෂය වී තිබේ.

කෙසේ වෙතත් අවසන් මහා රැළියට හැකි උපරිම ජන සහභාගීත්වයක්  ලබා ගැනීමට ඒකාබද්ධ විපක්ෂ කණ්ඩායම කටයුතු කරමින් හිදී.

සබැඳි පුවත්

Leave a Reply

Your email address will not be published.