පා.ම.හෆීස් ඉල්ලා අස්වෙයි.

hafeesඑක්සත් ජාතික පක්ෂ ජාතික ලැයිස්තු පාර්ලිමේන්තු මන්ත්‍රී ඒ.ආර්.ඒ. හාෆීස් මහතා සිය පාර්ලිමේන්තු මන්ත්‍රී ධුරයෙන් ඉල්ලා අස්වීමේ ලිපිය පාර්ලිමේන්තු මහ ‍ලේකම් ධම්මික දසනායක මහතා වෙත ඊයේ (19) යවා තිබේ.

ඔහු සිය ඉල්ලා අස්වීමේ ලිපිය යවා ඇති නමුත් ඉල්ලා අස්වීමට හේතුව සිය ඉල්ලා අස්වීමේ ලිපියෙන් පාර්ලිමේන්තු මහ ‍ලේකම්වරයාට දැනුම් දී නැත. හාෆීස් මහතාගේ ඉල්ලා අස්වීමෙන් පුරප්පාඩු වූ ජාතික ලැයිස්තු මන්ත්‍රීධුරයට ශ්‍රී ලංකා මුස්ලිම් කොංග්‍රසයේ මන්ත්‍රීවරයෙක් පත්කිරීමට නියමිතව ඇතැයි එම පක්ෂ ආරංචි මාර්ග අනාවරණය කරයි.

පසුගිය පාර්ලිමේන්තු මැතිවරණයෙන් එක්සත් ජාතික පක්ෂය යටතේ තරග කළ ශ්‍රී ලංකා මුස්ලිම් කොංග්‍රසයට ලැබුණ ජාතික ලැයිස්තු මන්ත්‍රී කෝටාවට හාෆීස් මහතා පත්කරනු ලැබිය. ඔහු තාවකාලිකව මන්ත්‍රීධුරයට පත්කළ අතර වෙනත් අයෙක්ට මන්ත්‍රීධුරය දීමට මෙලෙස ඉල්ලා අස්වී ඇත.

සබැඳි පුවත්

Leave a Reply

Your email address will not be published.