පුනරුත්ථාපිත කොටි සාමාජිකයන්ට වහ දීලාලු… ඇත්ත හොයන්න සෞඛ්‍ය පරීක්ෂණ

 2011 අප්‍රේල් මස  වව්නියා නගර ශාලාවේදී පුනරුත්ථාපිත එල්ටීීටීඊ සාමාජිකයන් පිරිසක්  සමාජගත කළ උත්සවයේ අවස්ථාවක්...
2011 අප්‍රේල් මස වව්නියා නගර ශාලාවේදී පුනරුත්ථාපිත එල්ටීීටීඊ සාමාජිකයන් පිරිසක් සමාජගත කළ උත්සවයේ අවස්ථාවක්…

රජය විසින් පුනරුත්ථාපනය කළ  හිටපු එල්ටීටීඊ සාමාජිකයන් ක්‍රමානුකූලව විනාශ කරීමේ අරමුණින්  පුනරුත්ථාපන මධ්‍යස්ථානවලදී ඔවුන්ට විෂ ශරීරගත කර ඇති බවට පලවන වාර්තාවල සත්‍ය අසත්‍යතාව නිවැරදි කරගැනීමට ඔවුන් පූර්ණ සෞඛ්‍යය පරීක්ෂණයට ලක් කිරීම සදහා උතුරු මැද පලාතේ සෞඛ්‍ය අමාත්‍යාංශය විශේෂ වැඩපිළිවෙලක් ආරම්භ කර ඇතැයි වාර්තාවේ.

උතුරු පළාත් සෞඛ්‍ය අමාත්‍ය වෛද්‍ය පී.සත්‍යලිංගම් කියා සිටින්නේ පුනරුත්ථාපනය වීමෙන් පසුව මියගිය හිටපු එල්ටීටීඊ සාමාජික සාමාජිකාවන් පිළිබඳ තොරතුරු සොයා ඒ සම්බන්ධයෙන් පළමුව පරීක්ෂණයක් ආරම්භ කරන බවය.

ඉන් අනතුරුව පුනරුත්ථාපනය වී දැනට විවිධ පළාත්වල වෙසෙන හිටපු එල්ටීටීඊ සාමාජික සාමාජිකාවන් එම පළාත්වල රජයේ රෝහල් හරහා පූර්ණ වෛද්‍ය පරීක්ෂණයකට ලක් කිරීමට කටයුතු සූදානම් කොට ඇති බවද ඔහු බීබීසී පුවත් සේවය වෙත කියා තිබුණේය.

ඒ සම්බන්ධයෙන් දැනුවත් කිරීම සඳහා උතුරු පළාත් සෞඛ්‍ය අමාත්‍යවරයා පළාතේ සිටින විශේෂඥ වෛද්‍යවරුන් සමග සාකච්ඡා වට තුනක් පවත්වා තිබේ. ඒ සඳහා උතුරු පළාතේ රජයේ රෝහල්වල පහසුකම් නොමැති අවස්ථාවලදී මධ්‍යම රජයේ සෞඛ්‍ය ඇමතිවරයා සමග සාකච්ඡා කොට අවශ්‍ය පහසුකම් සපයා ගැනීමට බලාපොරොත්තු වන බව ඔහු පවසයි.

උතුරු පළාත් සභාවෙන් සහ දෙමළ ජාතික සන්ධානයේ මධ්‍යම කාරක සභාවෙන්ද ඉහත කී වැඩපිළිවල සඳහා පූර්ණ සහාය ලැබී ඇත.  ඔහු පවසන්නේ පුනරුත්ථාපනනය වූ එල්ටීටී සාමාජිකයන්ගෙන් මෙම වෛද්‍ය පරීක්ෂණ සඳහා සහභාගි වන මෙන් ඉල්ලා සිටින බවය. පුනරුත්ථාපිත එල්.ටී.ටී.ඊ සාමාජිකයන්ට විෂ එන්නත් කළ බවට වූ චෝදනාව මුලුමනින්ම ප්‍රතික්ෂේප කරන රජයේ ප්‍රකාශකයෙක් වැඩිදුරටත් කීවේ   මෙවැනි පදනම් විරහිත ප්‍රාථමික හැසිරීම් වලින් දෙමළ ජනතාව ව්‍යාකූල කරවන්නට උත්සාහ කරන දෙමළ ජාතික සංධානය සමග ජාතික සංහිදියාවක් ඇති කිරීමට දරන උත්සාහ බෙහෙවින්ම වෙහෙසකර බවය.

සබැඳි පුවත්

Leave a Reply

Your email address will not be published.