පුපුරණ ද්‍රව්‍යය තොගයක් මැදවච්චියේදී අත් අඩංගුවට

Detonatorදිනසේන රතුගමගේ
මැදවච්චිය ඉසින්බැස්සගල ප්‍රදේශයේ නිවසක බලපත්‍රරහිතව සගවා තිබූ පුපුරණ ද්‍රව්‍යය තොගයක් මැදවච්චිය පොලීසිය මගින් (24 දා) ඊයේ සවස අත් අඩංගුවට ගෙන තිබේ.

මෙම පුපුරණ ද්‍රව්‍යය අතර ජෙලට් නයිට් කූරු 2634ක් විදුලි ඩෙටනේටර් 1922ක් විදුලි නොවන ඩෙටනේටර් 50ක් සේවා නූල්මීටර් 6580ක් හා වෙඩිබෙහෙත් කිලෝ45 ක් තිබූ බව මැදවච්චිය පොලීසිය පවසයි.

පූනෑව නාවික හමුදා කදවුරේ බුද්ධි අංශ නිලධාරීන්ට ලැබුණු තොරතුරකට අනුව ඔවුන් ඒ පිළිබදව පොලීසියට කළ දැණුම්දීමකට අනෞව මෙම අත් අඩංගුවට ගැනීම සිදු කොට තිබේ.

නිවසේ පිරිස පවසා ඇත්තේ කළුගල් වලක් පවත්වාගෙන යන හෙයින් මෙම පුපුරණ ද්‍රව්‍යය තොගය ඔවුන් ලග තබා ගත් බවයි.

පොලීසිය පවසන්නේ ඔවුන්ට කළුගල් වලක් ඇතත් මේ ප්රමාණයට පුපුරණ ද්‍රව්‍යය ළග තබා ගැනීමට වලංගු බලපත්‍රයක් නොමැති බවයි.

සිද්ධිය සම්බන්ධයෙන් පුද්ගලයින් දෙදෙනෙකු අත් අඩංගුවට ගෙන ප්‍රශ්න කරගෙන යයි.

සබැඳි පුවත්

Leave a Reply

Your email address will not be published.