පූජිත එළිපිට සාගලගෙන් ගේම ඉල්ලයි…

pujith2යාපනය නව පොලිස් ස්ථානයේ සවි කළ සමරු ඵලකයෙන් පොලිසිය භාර ඇමති සාගල රත්නායකගේ නම පොලිස්පති පූජිත් ජයසුන්දරගේ නියමයෙන් ඉවත් කර ඇත. පොලිස් නිලධාරින් පවසන්නේ පොලිස්පති හා විෂයභාර ඇමතිවරයා අතර තිබෙන ගැටුම මෙයට හේතු වී ඇති බවයි.
ඉදි කරන ලද යාපනය නව පොලිස් ස්ථානායක ගිය සිකුරාදා (09) ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතා විසින් විවෘත කළ අතර එහිදි සමරු ඵලකය කියවූ ජනාධිපතිවරයා මෙහි විෂය භාර ඇමතිවරයාගේ නම නැහැ නේදැයි ඇමතිවරයාගෙන්ම විමසා ඇත.
ඇමතිවරයාද තමාගේ නම සමරුඵලකයේ නැති බව දැක ඇත්තේ එම අවස්ථාවේදීය. ජනාධිපතිවරයාගේ විමසිමෙන් අපහසුතාවයට පත්ව ඇති ඇමතිවරයා කිසිත් නොකියා සිනා සී සිදුවූ අපහසුතාවය යටපත් කර ගෙන ඇත.

සමරු ඵලකය විවෘත කළ අවස්ථාව...
සමරු ඵලකය විවෘත කළ අවස්ථාව…

ජනාධිපතිවරයා පැමිණි එම උත්සවයට පැමිණි විෂය භාර ඇමතිවරයා පිළිගැනිමට කිසිදු නිලධාරියෙක් යොදවා සිට නැතිමුත් පොලිස්පතිවරයා ජනාධිපතිවරයාටත් වඩා ඉහළින් පිළිගෙන ඇති බව වාර්තාවෙයි. ඇමැතිවරයා සාමාන්‍ය පුරවැසියෙකුටත් පහලට දා පොලිස්පතිවරයා සැලකීම සම්බන්ධයෙන් යාපනය කොට්ඨාශයේ ඉහළ පොලිස් නිලධාරින්ද පුදුමයට පත්ව තිබේ.
කෙසේ නමුත් පොලිස් ස්ථානය විවෘත කිරිමට අදාල සමරු ඵලකය සකස් කළ යුතු ආකාරය සම්බන්ධයෙන් දළ සටහනක් යාපනය කොට්ඨාශය භාර ඉහළ නිලධාරින් විසින් කොළඹට එවා ඇතත් යළිත් යාපනයට ගොස් සවි කර ඇත්තේ ඔවුන් යැවු සමරුඵලයක වෙනස් කිරිමෙන් අනතුරුවය.
පොලිස්පතිවරයා හා විෂයභාර ඇමතිවරයා අතර ගැටුම මේ වන විට දැඩි ලෙස වර්ධනය වෙමින් යන අතර පොලිස් නිලධාරින් බලා සිටින්නේ කුමකින් කුමක් වේදෝ කියාය.

සබැඳි පුවත්

Leave a Reply

Your email address will not be published.