පෙරහැරට ආපු ඇතින්නක් ගංගාරාමේදි ඇත් පැටියෙක් වදල ලු…

 

hunupitiyaකොළඹ හුණුපිටිය ගංගාරම විහාරස්ථානයේ රදවා තබාගෙන ඇති හොර අලි පැටියෙක් ගැන තොරතුරු හොයාගෙන යනවිට පොලිසියට සිත් ගන්නා සුලු කතාවක් හෙළි දරවු වී තිබේ. මේ කතාව හෙළි වී ඇත්තේ මේ අලිපැටියා ගැන භාර කරුවන්ගෙන් කරුණු විමසා ඔවුන් විසින් ඉදිරිපත් කළ බලපත්‍රය පරීක්ෂා කළ අවස්ථාවේදීය.

බල පත්‍රයට අනුව අලි පැටියා ඉපදී ඇත්තේ මීට අවුරුදු 9 කලිනි. ඉපදුන ස්ථානය ලෙස නම් කර ඇත්තේ හුණුපිටිය ගංගාරාම භූමිය ය. වර්ෂ 2003 සැප්තැම්බර් මාසයේ දිනක විහාරස්ථ වාර්ෂික පෙරහරට ගෙන්වනු ලැබූ ගැබ් බර ඇතින්නක් මේ අලි පැටියා ප්‍රසූත කර තිබේ. අලි පැටියා ප්‍රසූත කර ඇත්තේ අවුරුදු 64 ක මහලු ඇතින්නකි.

සිද්ධිය අති විශේෂය. එක් අතකින් අමානුෂිකය. අපේ ගංගාරාමයේ පොඩි හාමුදුරුවෝ වදන්නට ඔන්න මෙන්න ඇතින්නක් විහාරස්ථ පෙරහරේ යන්නට ගෙන්වාගෙන ඇත. එය අමානුෂිකය. සාමාන්‍යයෙන් ගංගාරාම පෙරහර තියන්නේ පෙබරවාරියේදී වුවත් සැප්තැම්බර් මාසයේ විශේෂ පෙරහරක් පවත්වා ඇත. එය විශේෂය. අලි පැටියා ගංගාරාම භූමියේම වැදු නිසා හොදය. පෙරහරේ යද්දී මග වැදුවානම් තවත් විශේෂය. අතිවිශේෂ සිදුවීම වන්නේ ජීව විද්‍යාත්මකව අවුරුදු 40 න් පසු පැටවුව නොවදන ඇතින්නක් අවුරුදු 64 දී පැටියෙක් වැදීමය. ගංගාරාම පුණ්‍ය භූමියේ අනුහස නිසා විය හැකිය.

මීට කලින් අපේ උඩුවේ ධම්මාලෝක හාමුදුරුවන්ට ද මෙවැනි අකරතැබ්බයක් වුනේය. එහිදී සිදුවුනේ පෙරහරට ගෙන්වූ අලි පැටියෙක් අමතකවීමකින් ඇලන් මැතිණියාරාමයේ දමා යෑමය. ගංගාරාමයේ අපේ ලොකු හාමුදුරුවන්ට එවැන්නකට මුහුණ දීමට සිදු නොවුනේ ඇතින්නම ඇවිත් ගංගාරාම භූමියේ පැටියා වැදූ නිසාය.

එහෙත් පොලිසිය කියන්නේ මේ අති විශේෂස අලි පැටියා අත්අඩංගුවට ගන්නා බවය. බොරුවක් කරනවා නම් ක්‍රමයක් ඇති බවත් අපායවල් තමුන් විසින්ම නිර්මාණය කරගන්නා ආකාරයෙන් අහන දකින අයටත් ලජ්ජා හිතෙන බොරු නොකළ යුතු බවත් මේ පිළිබදව වැඩි දුර විස්තර කතා කරන විට පොලිසියේ මහත්තයෙක් අපට කීවේය.

සබැඳි පුවත්

One thought on “පෙරහැරට ආපු ඇතින්නක් ගංගාරාමේදි ඇත් පැටියෙක් වදල ලු…

  • October 16, 2016 at 10:56 pm
    Permalink

    We checked this one, there is a history records with vet surgeons inspection, vaccines and other since the days of cross happened with previous temple elephant Navam Raja. They also had photographs at certain stages, even vet surgeons inspections were photographed. We materialized lot of protests against illegal elephant trading and captivity in Sri Lanka and this is one unique case which is not falling into the category.

    Reply

Leave a Reply

Your email address will not be published.