පොදුරාජ්‍ය මණ්ඩල ක්‍රීඩා උළෙල ගේන්න නාමල් එක්ක කෙන්ට් කිට් ගිය රාත්‍රී සමාජ ශාලා නාටිකාංගනාව ගැන පරීක්ෂණ…

Namal Clubවර්ෂ 2018 පොදු රාජ්‍ය මණ්ඩලීය ක‍්‍රිඩා උළෙලේ නිල සත්කාරක රට තේරීමේ ඡන්ද විමසීමට සහභාගී වීමට කැරිබියන් දූපත් කලාපයේ ශාන්ත කිට්ස් දූපත් රාජ්‍ය වෙත ගිය ශ්‍රී ලංකා දූත පිරිසට අයත්වූ රාත්‍රී සමාජ ශාලා නාටිකාංගනාවක් ගැන විශේෂ පරීක්ෂණයක් පොලිස් අපරාධ මුල්‍ය කොට්ඨාශය විසින් පවත්වන්නට තීරණය කර තිබේ.

වර්ෂ 2011 නොවැම්බර් මස 5 දින ලංකාවෙන් පිටත් වූ මේ රාජ්‍ය තාන්ත්‍රික දූත පරිසට අයත්වූ මේ රාත්‍රී සමාජශාලා නාටිකාංගනාව නාමල් රාජපක්ෂ විසින් රැගෙන ගොස් ඇති බව හෙළි වීමත් සමග ඔහුගේ ව්‍යාපාරවලට සම්බන්ධ වෙමින් සිටි පිරිස මෙන්ම ඔහු සමග වෙනත් පුද්ගලික සබඳතා ගොඩනගා ගනිමින්   සිටි සුරූපිනියන්, ටෙලි නාට්‍ය නිලියන්, සමාජ ශාලා නාට්‍යාංගනාවන් ගැන විශේෂ විමර්ශනයක් කිරීමට පොලිස් අපරාධ මූල්‍ය කොට්ඨාශය කටයුතු කරමින් සිටී.

මෙම   රාත්‍රී සමාජ ශාලා නාටිකාංගනාවට අමතරව     නාමල් රාජපක්ෂගේ ඉවෙන්ට් මැනේජර් ලෙස කටයුතු කළ ඉරාජ් වීරරත්නගේ සහෝදරිය වන අනුෂිකා රිෂ්නි වීරරත්න ගැනත් විමර්ශනයක් කරන  බව වාර්තා වේ.

ඔහු යටතේ තිබූ Hello Corp Pvt Ltd, Gowers Corporate Services Pvt Ltd, Gowers Solutions, Gowers Secretariat, Gowers Ceylon Holdings and NR Consultancy යන සමාගම් හරහා කලු සල්ලි සුදු කිරීමට අනුබලය හා සහාය දුන් බව කියන තරුණියන් සම්බන්ධව මේ වනවිට පරීක්ෂණ පැවැත්වෙමින් ඇත.

මුදල් විශුද්ධිකරණය පිළිබඳව මූල්‍ය අපරාධ විමර්ශන කොට්ඨාසය මඟින් සිදුකරන ලද විමර්ශන අනුව   අතිරේක  මහේස්ත්‍රාත් නිශාන්ත පීරිස්  පසුගිය මාර්තු 8 දා  ඔවුන්ට රටින් පිටවීම තහනම් කර තිබුණත් මේ වනවිට නාමල්ගේ සමාගම් අධ්‍යක්ෂවරියන් ලෙස කටයුතු     දෙදෙනෙක් වූ බටපොලආරච්චිගේ ඔරනෙල්ලා ඉරේෂා සිල්වා හා දිල්රුක්ෂි දිසානායක  මෙරටින් පලාගොස් තිබේ. දැනට එංගලන්තයට ගොස් සිටින මේ තැනැත්තියන් සම්බන්ධව ක්‍රියා කරන බවත්, අධිකරණයේ අවසරය ලබාගෙන ඔවුන්ගේ විදෙස් ලිපිනවලට කැඳවීම් ලිපි යවා ඔවුන් මෙරටට ගෙන්වා ගැනීමටත් ඔවුන් නොපැමිණියහොත් ඉන් එහාට ගත යුතු නීතිමය පියවර ගැනීමට කටයුතු කරන බවත් මූල්‍ය අපරාධ කොට්ඨාශ පවසන්නේය.

 

 

සබැඳි පුවත්

Leave a Reply

Your email address will not be published.