පොලිස් ආරක්ෂාවක් ලබාදෙන මෙන් උතුරු පළාත් සභාවේ සභාපතිවරයා පොලිස්පතිවරයාට දැණුම්දෙයි

Vigneswaranඋතුරු පළාත් ප්‍රධාන අමාත්‍යවරයාගේ ජීවිතයට තර්ජන එල්ල වී ඇති බැවින් අතිරේක පොලිස් ආරක්ෂාවක් ලබාදෙන මෙන් උතුරු පළාත් සභාවේ සභාපතිවරයා 07 දා (ඊයේ ) පොලිස්පතිවරයාට දැණුම්දී තිබේ.

සභාපතිවරයා පවසන්නේ ප්‍රධාන අමාත්‍යවරයා විසින් නිකුත් කරණ ලද ප්‍රකාශයක් සලකා බැලීමෙන් අනතුරුව උතුරු පළාත් සභාව ඔහුගේ ආරක්ෂාව දැඩි කිරීමට අවශ්‍ය බවට තීරණය කළ බවයි.

ප්‍රධාන අමාත්‍යවරයාගේ ජීවිතයට යම් අනතුරක් සිදු කොට එහි වගකීම එල්.ටී.ටී.ඊ. සංවිධානයේ හිටපු සාමාජිකයින් පිට පැටවීමට පිරිසක් උත්සහ දරණ බව ප්‍රධාන අමාත්‍යවරයා සිය ප්‍රකාශයේ සදහන් කොට ඇති බවද සභාපතිවරයා පැවසීය.

ත්‍රජන එල්ල වන්නේ දකුණේ ජාතිවාදී බලවේග වලින් බවද ඔහු සදහන් කළේය.

උතුරු පළාත් සභාවේ මන්ත්‍රී එම්. කේ. ශිවාජිලිංගම් කියා සිටියේ ”එළුග තමිල්” උළෙලට පසුව ප්‍රධාන අමාත්‍යවරයාට දකුණු පළාතේ ජාතිවාදී බලවේග වලින් තර්ජන එල්ල වීම වැඩි වී ඇති බවයි.

එසේ තර්ජන එල්ල වන්නේ උතුරු පළාත තුළ රජය බලහත්කාරයෙන් ස්ථානගත කොට සිටින හමුදාව ඉවත් කරණ ලෙසත්,බෞද්ධයින් නොමැති පළාත්වල බුදුපිළිම හා විහරස්ථාන ඉදිකිරීම නතර කරණ ලෙසත් ප්‍රධාන ආමාත්‍යවරයා කළ ප්‍රකාශය මත යැයිද සිවාජිලිංගම් මන්ත්‍රීවරයා කියා සිටියා.

පළාත් සභා නීති රෙගුලාසි වලට අනුව දැනට උතුරු පළාත් ප්‍රධාන අමාත්‍යවරයාට සෙසු දිවයිනේ සෙසු පළාත්වල ප්‍රධාන අමාත්‍යවරුන්ට සමානවම පොලිස් ආරක්ෂාව සපයා දී තිබේ.පොලිස්පතිවරයාට යොමු කළ ලිපිය මගින් ඉල්ලා ඇත්තේ එම ආරක්ෂාවට අමතරව පොලිස් ආරක්ෂාව වැඩි කරණ ලෙසයි.

දිනසේන රතුගමගේ

සබැඳි පුවත්

Leave a Reply

Your email address will not be published.