පොලිස් ප්‍රහාරයෙන් පුද්ගලයෙකු මියයයි.ඇඹිලිපිටියේ උද්ඝෝෂණ.

ambilipitiපොලිස් ප්‍රහාරයෙන් එක්දරු පියකු මියගිය බව කියමින් ඇඹිලිපිටිය නගරයේ අද (07) පොලීසියට එරෙහි විරෝධතාවයක් ආරම්භ කිරීමත් සමග නගරයේ කළු කොඩි ඔසවා කඩ වසා දමා තිබේ.

ඒ හේතුවෙන් නගරයේ වාහන තදබදයක් ද ඇති වී ඇත. ඔරලෝසු කණුව අසල දහසකට වැඩි පිරිසක් පොලීසියට විරෝධය පාමින් විරෝධතාවයේ නිරත වී ඇත.

පොලීසිය හෝ හමුදාව නගරයේ කිසිම ස්ථානයක නොමැති බවත් තැන තැන ටයර් පුළුස්සමින් විරෝධතා පුවරු ද ඔසවමින් උද්ඝෝෂකයෝ විරෝධතාවයේ නිරත වූ බවත් වාර්තා වේ.

සබැඳි පුවත්

Leave a Reply

Your email address will not be published.