පොලිසියට රාජකාරි කරන්න ඉඩක් නෑ… දිනේෂ් ගුණවර්ධන

dineshgunawardenaපොලිස් කොස්තාපල්වරුන් වටකරගෙන කිලිනොච්චියේදි පහර දුන් බවට වාර්තා වන නිසා රට තුළ පොලිසියට රාජකාරි කිරිමට අවකාස තිබේදැයි ඒකාබද්ධ විපක්ෂයේ නායක දිනේෂ් ගුණවර්ධන පාර්ලිමේන්තුවේදි ඊයේ (26) ප්‍රශ්න කර සිටියේය.
එම අවස්ථාවේ නැගී සිටි සභානායක ලක්ෂ්මන් කිරිඇල්ල  මේ සිද්ධිය සම්බන්ධයෙන් අගමැතිවරයාගේ අවධානය යොමුව තිබෙන බව ප්‍රකාශ කළේය.
දිනේෂ් ගුණවර්ධන   – මම අහන්නේ පොලිස් කොස්තාපල්වරුන්ගේ ජිවිතයට ආරක්ෂාව නැහැ…. රාජකාරි කළ හැකි තත්ත්වයක් ඇති කිරිමට රජය මැදිහත් විය යුතුයි.
සභානායක – අපි දන්නවා…. අපට ඒ සිද්ධිය වාර්තා වී තිබෙනවා. බොරදියේ මාලූ බාන්න එපා…. ඔබතුමාලා හැම එකක්ම ජාතිවාදයට හරවනවා.
දිනේෂ් ගුණවර්ධන  – මම ඇහුවේ එක ප්‍රශ්නයක්
සභානායක – දකුනේ මේ වගේ සිද්ධි වෙන්නේ නැද්ද
දිනේෂ් ගුණවර්ධන   – ඔබයි බොරදියේ මාලූ අල්ලන්නේ. කලබල වෙන්න එපා හරි මාලූ ටික අල්ලා ගන්න.
සභානායක – හැමදාම උදේට සභාවේ වටිනා කාලය නාස්ති කරනවා. මොකක් හරි එකක එල්ලෙනවා.
වාසුදේව නානයක්කාර  – මුලාසනයේ අවසරය මත අප මතු කරන යම් යම් කරුණු සභාවේ කාලය නාස්ති කරන්න කරන උප්පර වැට්ටියක් ලෙස හැදින්විම පාර්ලිමේන්තුවේ ගෞරවයට හානියක්.
නියෝජ්‍ය කතානායක තිලංග සුමතිපාල – පාර්ලිමේන්තුවේ නිති රිති හා රෙගුලාසි අතර ඉදිමින් මන්ත්‍රීවරුන් නොයෙක් යෝජනා ඉදිරිපත් කරනවා. සමහරුන්ට ඒවා කාලය කා දැමීමක් ලෙස හදුන්වන්න පුළුවන්. සමහරුන්ට ඒවා තමන්ගේ අයිතිය ලෙස ලෙස හදුන්වන්න පුළුවන්. ඒක ඔවුනොවුන්ට සාපේක්ෂයි.

සබැඳි පුවත්

Leave a Reply

Your email address will not be published.