බන්නැහැක වලව්වේ තරුණිය ඝාතකයාට මරණ දඬුුවම…

Banneheka11වර්ෂ 2014 මැයි මස 25 දා මාතලේ වරාපිටිය බන්නැහැක මුදියන්සේ වලව්වේ වුලී ලලනී නදීෂා වරාපිටිය නැමැති තරුණිය දූෂණය කොට මරාදැමූ අපරධාකරුවාට  අද මරණීය දණ්ඩනය නියම විය.

මහනුවර පළාත්බද අධිකරණ විනිසුරු මේනකා විජේසුන්දර අපරධකරුවා වෙත මරණ දණ්ඩනය ලබාදීමේ නියෝගය ප්‍රකාශයට පත් කළාය.

මෙම මිනීමැරුම් අපරාධයට  වරදකරු වූයේ මාතලේ කටුරුප්පේ ඔරුපිටිය පදිංචි කොළඹගේ දොන් ඩෙන්සිල් ජයවර්ධන නැමැති 43 හැවිරිදි පුද්ගලයෙකි.  සැකකරු කුලී වැඩ කළ අයෙකි. ලලනි නදීෂා වරාපිටිය තරුණිය දූෂණය කර කුළුගෙඩියෙන් හිසට ගසා මරණයට පත්කර තිබිණි.

සැකකරුට එරෙහිව එල්ල වූ චෝදනා 3 කි. අයුතු ලෙස ඇතුළුවීම, ස්ත්‍රී දූෂණය හා කුලුගෙඩියකින් හිසට පහර දී මිනී මැරීම මේ චෝදනා තුනය. එම චෝදනා තුනම සැකයකින් තොරව ඔප්පුවන බව කී මහේස්ත්‍රාත්වරිය පළමු දෙවන චෝදනා දෙකට වසර විස්ස බැගින් වූ සිරදඩුවම් හා මිනීමැරීමේ චෝදනාවට මරණීය දණ්ඩනය නියම කළාය.

සබැඳි පුවත්

Leave a Reply

Your email address will not be published.