බසවක්කුලමේ මාළු අල්ලනු එපා-පෝෂණය ගැටළුවක් නොවේ

basawakkulama-wewaඅනුරාධපුර පුජා නගරයේ පිහිටා තිබෙන බසවක්කුලම හෙවත් ඓතිහාසික අභය වැවෙහි මසුන් ඇල්ලීම නැවැත්වීමට අනුරාධපුර පූජා නගර කමිටුව තීරණය කොට ඇත. අනුරාධපුර දිස්ත්‍රික් ලේකම් ඩී. පී.ජී. කුමාරසිරි මහතා විසින් මෙම තීන්දුව ගන්නා ලද්දේ පූජා නගර කමිටුවට වැඩම කළ රුවන්වැලි චෛත්‍යාරාමාධිකාරී අති පුජ්‍ය පල්ලේගම හේමරතන නාහිමිපාණන් වහන්සේ ඇතුළු මහා සංඝරත්නය කළ ඉල්ලීමකට අනුවය.

ඓතිහාසික වැදගත්කම මෙන්ම, වර්තමානයේ පානීය ජල මුලාශ්‍රයක් වන පෙර රජ දවස “පූජා වැව” ලෙස හැදින්වූ තිසා වැවෙහි දිය නෑම තහනම් කිරීමට ගත් තීන්දුව ද ඉතාම කාලෝචිත ක්‍රියාවක් වශයෙන් අගය කළ හැකි බවත් එය සිදුකලාක් මෙන් ම බසවක්කුලම වැවෙහි මසුන් ඇල්ලීම නැවැත්වීම ඉතා වැදගත් කාර්යයක් වන බව පල්ලේගම හේමරතන නාහිමිපාණන් වහන්සේ පූජා කමිටුවට පැහැදිලි කළහ.
විකල්ප ස්ථාන

වැවෙහි මසුන් ඇල්ලා ජීවත් වු ජනාතවට විකල්ප ස්ථාන තම රැකියාව සඳහා ලබාදීමටත් වගකිව යුතු අංශ කටයුතු කළයුතු බව ද දිස්ත්‍රික් ලේකම්වරයා පවසා ඇති නමුත් එම ස්ථාන කවරේද යන්න පිළිබඳව දැනගන්ට නැත. ග්‍රාමීය ශ්‍රී ලංකාවේ මන්දපෝෂණ ගැටළුවට ප්‍රධාන පිලියමක් සේ සැලකෙන්නේ ම්රිදිය මත්ස්‍ය කර්මාන්තය වැඩි දියුණු කිරීමයි. එහෙත් මිරිදිය මසුන් ඇල්ලීමට එරෙහි වන්නන් හට ඒ පිළිබඳව වගේ වගක් නැත.ඒ ඔවුන්හට අළුත් මාළු ලැබෙන නිසා විය හැකිය.

සබැඳි පුවත්

Leave a Reply

Your email address will not be published.