බැසිල්ට ලෙඩ ගොඩයි ලු

basil23ඊයේ (18) අත්අඩංගුවට ගෙන රක්ෂිත බන්ධනාගාරගත කළ බැසිල් රාජපක්ෂ අධිරුධිර පීඩනය, කොලෙස්ට්‍රොල් හා රුධිරගත සීනි ප්‍රමාණය වැඩිවීම වැනි රෝග රාශියක් නිසා අද වෛද්‍ය උපදෙස් මත රෝහල්ගත කරනු ලැබීය. මේ වනවිට ඔහු  වැලිකඩ බන්ධනාගාර රෝහලෙන් කොළඹ ජාතික රෝහල වෙත යවා ඇත.

පසුගිය ජනාධිපතිවරණය ආසන්නයේ අවස්‌ථා හතරකදී දිවි නැගුම සංවර්ධන දෙපාර්තමේන්තුවේ ප්‍රාග්ධන වැය ශීර්ෂ ගිණුමේ රුපියල් තුන්කෝටි හැටපන් ලක්‌ෂයක්‌ (රුපියල් මිලියන 36.5 ක්‌) වැයකර ජී.අයි. බට මිලදීගෙන පළාත් පාලන ආයතන ඉල්ලීමක්‌ කර නොතිබියදීත් එම ආයතන වෙත බෙදාහරිමින් මැතිවරණ ප්‍රචාරක කටයුතු සඳහා යොදාගැනීම, පොදු දේපළ පනත යටතේ ගැනෙන වැරදි සිදුකළේ යැයි චෝදනා එල්ල වී තිබූ හිටපු අමාත්‍ය බැසිල් රාජපක්‌ෂ  සහ දිවි නැගුම සංවර්ධන දෙපාර්තමේන්තුවේ හිටපු අධ්‍යක්‍ෂ ජනරාල් කිත්සිරි රණවක  ලබන 01 වැනිදා දක්‌වා රක්‌ෂිත බන්ධනාගාර ගතකිරීමට කඩුවෙල මහෙස්‌ත්‍රාත් චම්පික හේමපාල ඊයේ  (18 වැනිදා) නියෝග කළේය.

සමෘද්ධි සංවර්ධන නිලධාරීන්ගේ සංගමයේ ප්‍රධාන ලේකම් චාමර මද්දුමකළුගේ   විසින් කරන ලද පැමිණිල්ලක්‌ අනුව පරීක්‌ෂණ පැවැත්වූ පොලිස්‌ මූල්‍ය අපරාධ කොට්‌ඨාසය මගින් මෙම සැකකරුවන් දෙදෙනා අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කර තිබුණි.

සබැඳි පුවත්

Leave a Reply

Your email address will not be published.