බොරු වීරයන් නොවී ඇමතිවරු විදිහට හැසිරෙන්න ඉගෙන ගන්න… රනිල් රවීට සහ නවීන්ට කියයි…

TEA 11ඊයේ  (23) හැන්දෑවේ  එක්සත් ජාතික පක්ෂ මන්ත්‍රී රැස්වීම පැවති අවස්ථාවේදී අග්‍රාමත්‍ය රනිල්වික්‍රමසිංහ විසින් රවී කරුණානායකට හා නවීන් දිසානායකට දැඩි දෝෂාරෝපණයක් කරනු ලැබුවේය.

තේ මණ්ඩලයේ අරමුදල මුදල් ඇමතිවරයා විසින් භාණ්ඩාගාරයට පවරා ගැනීමට ගත් තීන්දුව විවේචනයක කර තමන් ඇමති ධූරය අත්හරින්නට සූදානම් බව ඉගි කරමින් නවීන් දිසානායක විසින් පසුගිය 20 දා කරනු ලැබූ ආන්දෝලනාත්මක ප්‍රකාශයත් ඊට රවී කරුණානායක විසින් ලබා දුන් දැඩි පිළිතුරත් පසුගිය දින දෙක තුළ මධ්‍යය තුළ කැළඹීමක් ඇති කළ ආකාරය ගැන අගමැතිවරයා දැඩි ලෙස  කෝප වී සිටියේය.

මේ පිළිබදව අගමැතිවරයා කළ කරුණු විමසීමේදී රවී කරුණානායක කියා තිබුණේ මේ ප්‍රශ්නය මුලින්ම ඇතිකළේ නවීන් බවය. තමන් පිලිතුරු දුන්නේ නවීන්ගේ ව්‍යසනකාරී ප්‍රකාශයට බවය. ඒ අවස්ථාවේදී නවීන් දිසානායකත් තමන්ගේ පාර්ශවයෙන්  කරුණු දක්වමින් උණුසුම් කතාවකට එළඹුනේය.

අගමැතිවරයා මේ අවස්ථාවේ මැදිහත්ව ඉතා දැඩි ලෙස දෙදෙනාටම අවවාද කර දේශපාලන පක්ෂයක පැවතිය යුතු මූලික විනය පිළිබද නැවත හදාරන්න යැයි දෙදෙනාටම කීවේය. නවීන් දිසානායකට ඔහු කීවේ රජයක ඇමතිවරයෙක් ලෙස වගකීම් සහිතව හැසිරෙන ඉගනගන්නා ලෙසය. දෙදෙනාටම බොරු වීරයින් නොවන ලෙස අගමැතිවරයා අවවාද කළේය.

කෙසේ වෙතත් අද සවස නවීන් දිසානායක තම සමීපතම හිතවතුන්ට තමන් හමුවීමට පැමිණෙන ලෙස දන්වා තිබිණි.  ඒ හමුව අද සවස තව ස්වල්ප වේලාවකින් ඇනතුරුව ආරම්භ වනු ඇත.

සබැඳි පුවත්

Leave a Reply

Your email address will not be published.