බෝම්බය නිසා උතුරේ හමුදා ක්‍රියාකාරකම් අඩු කිරීම ඇනහිටී – ඉන්දීය මාධ්‍ය

chaawaචාවකච්ෙච්රියෙන් මරාගෙන මැරෙන ඇඳුම් කට්‌ටලයක්‌ ඇතුළු පුපුරන ද්‍රව්‍ය තොගයක්‌ සොයා ගැනීමත් සමඟ උතුරු පළාතේ හමුදා ක්‍රියාකාරකම් අඩු කිරීම ඇනහිටිනු ඇති බව ඉන්දීය මාධ්‍ය කියයි.

එක්‌සත් ජාතීන්ගේ මානව හිමිකම් කවුන්සිලයේ ප්‍රධාන ඉල්ලීමක්‌ වූයේ උතුරේ හමුදා ක්‍රියාකාරකම් අඩු කිරීමයි.

උතුරු හමුදාව භාවිතා කරන ඉඩම්, දේපළ ජනතාවට ලබාදෙන බව රජය මානව හිමිකම් කවුන්සිලයට පොරොන්දු වී තිබිණි.

කවරක්‌ නමුත් ආණ්‌ඩුව උතුරේ හමුදා ක්‍රියාකාරකම් අඩුකිරීමට එකඟවීම ගැන හමුදාව එතරම් සතුටකින් නොසිටින බව ඉන්දියාවේ එක්‌ස්‌ප්‍රස්‌ පුවත්පත කියයි.

උතුරේ හමුදා ක්‍රියාකාරකම් අඩුකිරීමට එරෙහිව යාපනයේ පැවැති රැස්‌වීමකදී මේජර් ජෙනරාල් චාගි ගාල්ලගේ විසින් විදේශ ඇමැති මංගල සමරවීර මහතාට දෝෂාරෝපණය කර තිබිණි.

  • දිවයින පුවත්පත –

සබැඳි පුවත්

Leave a Reply

Your email address will not be published.