බෝයාවේ නල පුපුරයි… තෙල් බෑම නවතීයි

Oil 3කොළඹ වරායේ සිට නැවු මගින් බොරතෙල් ගොඩබාන බෝයාවට සම්බන්ධ නලයේ පිපිරීමක් හේතුවෙන් තෙල් ගොඩබෑම අද (23) රාත‍්‍රිය වන විට නතර වී තිබේ. මේ සමගම රට තුළ ඉන්ධන හිගයක් ඇතිවීමේ අවදානමක් මතු වී ඇතැයි වාර්තා වේ.

මීට ෙදෙවසරකට පමණ පෙර  එනම් 2014 මැයි 25 දින  මේ ආකරයෙන්ම නලයක් පපුරා යෑම නිසා රටට බොරතෙල් බෑම නතර වුනේය.

නැව්වලින් බොර තෙල් ගොඩබෑමේ කටයුතු සිදු කරන බෝයාව පිහිටා ඇත්තේ කොළඹ වරායේ සිට දළ වශයෙන් කිලෝ මීටර් 09ක් පමණ ඈත මුහුදේ ය.  මීට පෙර තෙල් ගොඩබෑම කරන බෝයාවේ නලයක් පුපුරා යෑම නිසා රටම බරපතල අර්බුදයකට පත්විය.2004 මැයි මස 25 දින සිට ජුනි 23 දින දක්වා තරම් දිගු කාලයක් නළය නැවත සවිකිරීමට ගත විය. අප්‍රේල් සිට නොවැම්බර් දක්වා තිබෙන්නෙ බටහිර මුහුදේ වාරකන් කාලයයි. ඒ කාලය තුළ කිමිදුම් කරුවන්ට බෝයාවට නල සවි කිරීමේ කටයුතු කිරීම අතිශය අපහසු වූයේය. එහෙත් අමාරුවෙන් සවිකළ නල මුහුදේ රළු බව නිසා නැවත 25 වැනිදා වනවිට එම නල හානි වුනේය.  බොර තෙල් රැගත් නැවු 3ක් දින නියමක් නැතිව වරායෙන් පිට නැංගුරම් ලා තබාගෙන ප්‍රමාද ගාස්තු ගෙවමින් ඉන්නට රජයට සිදුවිය. මේ අතර ජුනි 22 සිට බොරතෙල් නොමැති කමින් තෙල් පිරිපහදුව තාවකාලිකව වසා දැමිනි. නැවු වල සිට කොළඹ ජැටියට තෙල් ගෙන ඒමට කුඩා නැවක සේවය යොදා ගන්නට සිදුවිය. 

එදා රටම මේ අර්බුදයට ගියේ ඉතාලි සමාගමකින් ලබාගෙන බෝයාවට සවිකළ අලුත්ම නලය වසර 3 ක වගකීම් කාලයක් තිබුණද මාස 3යි දින 20 කින් පුපුරා යෑම නිසාය. එදා බෝයාවට සවි කිරීම සදහා වෙනත් නලයක් නොතිබුණි. අමතර නලයක් සදහා ප්‍රසම්පාදන කටයුතු කර නොතිබිණි. සවි කරන්නට ඉතිරිව තිබුණේ පැරණි අලුත්වැඩියා කළ නලයකි. අද සිදුවූ පුපුරා යෑම ගැන  ලංකා ඛණිජ තෙල් සංස්ථාවේ ජාතික සේවක සංගමයේ ලේකම් ආනන්ද පාලිත මාධ්‍යයට පවසා තිබුණේ  බාල නලයක් උපයෝගී කර ගනිමින් තෙල් ගොඩ බෑම  මේ පිපිරී යාමට මීට හේතු වි ඇති බවය.

 

 

සබැඳි පුවත්

Leave a Reply

Your email address will not be published.