බෝයාව පිපිරුවාට තෙල් හිගයක් නෑ… ආණ්ඩුව කියයි…

ඉන්ධන හිඟයක් ඇති නොවන පරිදි මාස දෙකකට අවශ්‍ය ඉන්ධන ගබඩා කරගෙන ඇති බැවින් කොළඹ බෝයාවේ නලයක් පිපිරීීිමෙන් තෙල් ගොඩබෑමට නොහැකි වුවත් ඉන් ඉන්ධන හිගයක් ඇති නොවන බව රජය පවසන්නේය.

ඛණිජතෙල් හා පෙට්‍රෝලියම් විෂයටම පත්වී සිිටින නියෝජ්‍ය අමාත්‍යනී අනෝමා ගමගේ කියන්නේ අදාල අලුත්වැඩියා කටයුතු මේ වනවිට ආරම්භ කර ඇති බවය.

බෝයාවට අදාළ නළයේ පිපිරීම සිlanka_oil 2දුවූයේ පෙරේදා (22) රාති‍්‍රයේය. මේ හේතුවෙන් තෙල් ගොඩබෑම ඊයේ (23) රාත‍්‍රිය වනවිට සම්පූර්ණයෙන් නරත කෙරිනි.

ලංකා ඛණිජ තෙල් සංස්ථාවේ ජාතික සේවක සංගමයේ ලේකම් ආනන්ද පාලිත මාධ්‍යයට පවසා තිබුණේ   තෙල් ගොඩබෑම සදහා භාවත කර තිබුණේ රටවල් 40 විසින් ප්‍රතික්ෂේප කළ බාල නළයක් බවය. වෘත්තීය සමිති නායකයන් කියන්නේ මේ පිපිරීම  නිසා ඉදිරියේදී තෙල් හිඟයක් ඇති වීමට ඉඩ ඇති බවය.

බෝයාවට සම්බන්ධ නලවල ප්‍රමිතිය පිළිබද ඇතිවී තිබෙන සංවාදය ආණ්ඩු මාරුව සිදුවුණත් දිගටම පවතින්නේය. මීට දෙවසරකට පෙර  බෝයාව යට යොදන විශේෂිත වශයෙන් සකසන ලද නලය ‍පුපුරා ගියේ ය.  ටෙන්ඩර් ක‍්‍රියාපටිපාටිය යටතේ ඉතාලියේ මනුලි රබර් ඉන්ඩස්ටී‍්‍රස් එස්පීඒ නැමැති සමාගමෙන් මිලදී ගන්නා ලද මෙම නලය පුපුරා ගියේ සවි කර මාස 3 දින 20 කිනි. ඒ වනවිට එම නලය සදහා අවුරුදු 3 ක වගකීම් කාලයක් තිබුණත් නැවත අලුත් නලයක් සැපයීම එම සමාගම ප්‍රතික්ෂේප කළේය. දැන් නැවතත් බාල නල පිළිබද කතාව මතු වී ඇත්තේය.

 

සබැඳි පුවත්

Leave a Reply

Your email address will not be published.