භාරත ඝාතනයේ නඩු අසා ඉවරයි… තීන්දුව සැප්තැම්බර් 8

Bharathභාරත ලක්ෂ්මන් ප්‍රේමචන්ද්‍ර ඇතුළු සිව් දෙනෙකු ඝාතනය කිරීම සම්බන්ධයෙන් හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රි දුමින්ද සිල්වා  ඇතුළු විත්තිකරුවන් 13 දෙනෙකුට එරෙහිව පවරා ඇති නඩුවේ විභාගය අද අවසන් කළ කොළඹ මහාධිකරණ ත්‍රිපුද්ගල විනිසුරු මඩුල්ල නඩු තීන්දුව ප්‍රකාශයට පත් කරන දිනය නියම කළේය.

ඒ  අනුව තීන්දුව ප්‍රකාශයට පත් කිරීම සප්තැම්බර් 8 ට නියම කෙරිනි. මෙම නඩුව විභාගයට ගැනුනේ ශිරාන් ගුණරත්න, පද්මිණි එන්. රණවක, එන්.සී.බී.සී. මොරායස් යන විනිසුරු මඩුල්ල හමුවේය.

ඒ අතරම විදෙස්ගතවීම සදහා දුමින්ද සිල්වා විසින් අධිකරණයෙන් කළ ඉල්ලීම විනිසුරු මඩුල්ල විසින් ප්‍රතික්ෂේප කෙරිනි. දුමින්ද අවසර ඉල්ලා සිටියේ වෛද්‍ය ප්‍රතිකාර ගැනීම සඳහා තමන්ට විදේශගත වීමට අවශ්‍ය බවය. ඒ සඳහා විශේෂ හේතු ඉදිරිපත් කර නොමැති නිසා එම ඉල්ලීම ප්‍රතික්ෂේප කරන බව විනිසුරු මඩුල්ල පැවසූහ. සැප්තැම්බර් මස 08 වන දා තින්දුව ප්‍රකාශයට පත් කරන හෙයින් සියලු ම විත්තිකරුවන් වෙනුවෙන් සහ පැමිණිල්ල වෙනුවෙන් ලිඛිත දේශන ඉදිරිපත් කිරීමට හැකි බව විනිසුරු මඩුල්ල ප්‍රකාශ කළේ ය.

ඉකුත් පළාත් පාලන මැතිවරණය පැවැති 2011 ඔක්‌තෝබර් 08 වැනි දින කොලොන්නාව, අංගොඩ, ගොතටුව, සේදවත්ත යන ප්‍රදේශ ඇතුළත ජනරාශිගතව සාපරාධී බලහත්කාරකම් කිරීම, කැරළි ගැසීම, පුද්ගලයන්ට තුවාල සිදුකිරීම, භාරත ලක්‍ෂ්මන් ප්‍රේමචන්ද්‍ර, දමිත දර්ශන ජයතිලක, මොහමඩ් අෂ්මී, හකීම් මනිවෙල් කුමාරස්‌වාමි යන අයට වෙඩි තබා ඝාතනය කිරීම, රාඡ්පුරගේ ගාමිණී යන අයට වෙඩි තබා ඝාතනය කිරීමට තැත් කිරීම ඇතුළු චෝදනා 10 ක්‌ යටතේ නීතිපතිවරයා විසින් චෝදනා ගොනු කර තිබිණි.

මෙම අපරාධ සිද්ධියේ චූදිතයන් වන්නේ අනුර තුෂාර ද මෙල්, චන්දන ජගත් කුමාර, චමින්ද රවි ජයනාත්, ලංකා රසාංජන විඡේසූරිය, මාලක සමීර, විදානගමගේ අමිල, සරත් බණ්‌ඩාර, සුරංග ප්‍රේමලාල්, සමන් කුමාර අබේවික්‍රම, ප්‍රියන්ත ජනක බණ්‌ඩාර ගලබොඩ, ආර්. දුමින්ද සිල්වා, රෝහණ මාරසිංහ හා නාගොඩ උයන ආරච්චිගේ චමින්ද යන පිරිසයි.

ඝාතන සිද්ධියේ පළමුවන සැකකාර අනුර තුෂාර ද මෙල් චන්දන ජගත් කුමාර චමින්ද රවි ජයනාත් රක්ෂිත බන්ධනාගාරතව පසුවේ. අනෙක් සැක කරුවන් සිටියේ ඇප මත නිදහස් වීය.

සබැඳි පුවත්

Leave a Reply

Your email address will not be published.