මම රජා වගේ කන්නේ නෑ

premyශ්‍රී ලංකා පරිපාලන සේවයේ 33 වන සමුළුවට ජනපති මෛත්‍රීපාල සිරිසේන මහතා ඊයේ එක්විය.

එහිදී ජනාධිපතිවරයා එතුමන්ට රජා රජා විදිහට කෑ යුතු යැයි භික්ෂුන්වහන්සේ නමක් පසුගිය දා කර තිබු ප්‍රකාශයක් අරබයා අදහස් දැක්වීය.

” රජා කාපු විදිහට මටත් කන්න කියනව. මම එහෙම කන්න ලෑස්‌ති නැහැ. රජා කාපු විදිහට කන්නෙ නැති මම අද කන්නෙත් එදා කෑ විදිහට කෙහෙල් කොළේ ඔතාගෙන ආ කෑමයි.  ” යනුවෙන් පැවසුවේය.

තව ද ජනාධිපති වෙන්න කලිනුත් මම ගෙදරින් එවපු කෑම එක තමයි කෑවේ. ජනාධිපති වෙලා ගෙවුණු අවුරුද්දත් එහෙමයි. ඒත් ඒ ස්‌වාමීන් වහන්සේ කියා තිබුණා රජා රජා විදිහට ගන්න ඕනෑ. ජනාධිපති, ජනාධිපති විදිහට කන්න ඕනෑ. ජනාධිපති ග්‍රාම සේවක විදිහට කාලා වැඩක්‌ නැහැ. ඒ නිසා ජනාධිපතිගේ වරප්‍රසාද සැප පහසුකම් විඳින්න මම දන්නෙ නැහැ යනුවෙන් ජනාධිපතිවරයා වැඩි දුරටත් පැවසීය.

සබැඳි පුවත්

Leave a Reply

Your email address will not be published.