මලත් කෝටියයි… මියගිය එම්.කේ.ඩී.එස් ගුණවර්ධනටත් මන්ත්‍රී වාහන බලපත්‍රයක්

MB

පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් සදහා හිමිවන ඩොලර් 62500 ක තීරු බදු රහිත වාහන බලපත්‍රය අභාවප්‍රාප්ත හිටපු ඉඩම් ඇමති එම්.කේ.ඩී.එස් ගුණවර්ධනගේ බිරිදට ලබා දීමට කැබිනට් මණ්ඩලය තීරණය කර ඇත. ඔහුගේ බිරිද මන්ත්‍රී වරියක් නොවේ. එසේ තිබියදීත් කැබිනට් මණ්ඩලයේ තීරණයකට අනුව මෙම වාහන බලපත්‍රය ලබා දී ඇති අතර දැන් පාර්ලිමේන්තුවේ මන්ත්‍රීවරුන් 225 ට වාහන බලපත්‍ර 226 නිකුත් කිරීමට නියමිතව තිබේ.

විශේෂත්වය වන්නේ මියගිය එම්.කේ.ඩී.එස් ගුණවර්ධන වෙනුවට ඔහුගේ බිරිදට තීරු බදු රහිත වාහන බලපත්‍රය ලබා දෙන අතරම ඔහු වෙනුවෙන් පාර්ලිමේන්තුවට පත්වූ ජෙනරාල් සරත් ෆොන්සේකාටද එම බලපත්‍රය ලබා දීමය.

එම්.කේ.ඩී.එස් ගුණවර්ධන මිය ගියත් මහජන ඡන්දයෙන් ඔහු පාර්ලිමේන්තුවට පත්ව ඇති නිසා එම වරප්‍රසාදය ඔහුගේ පවුලේ සාමාජිකයන්ට ලැබෙන බව කැබිනට් ප්‍රකාශක ගයන්ත කරුණාතිලක කීවේය.

පාර්ලමේන්තු මන්ත්‍රීවරුන්ට ලැබෙන මෙම වාහන බලපත්‍රය සියයට සීයක් බදු රහිතය. ගෙන්වන වාහනයේ ඇන්ජින් ධාරිතාවට සීමාවක් නැත. පසුගිය වකවානුවේ මේ බලපත්‍රයේ වටිනාකම  ඇමරිකානු ඩොලර් 50000 ක් විය. මේ ආණ්ඩුව එය ඇමරිකානු ඩොලර් 62500 තෙක් වැඩි කරගත්තේය. මෙම වාහන බලපත්‍ර යටතේ ගෙන්වන වාහනවල වටිනාකම රුපියල් කෝටි 3 වඩා වැඩිය. වාහන බලපත්‍රයක් රුපියල් කෝටියත් කෝටි 2 අතර මිලකට අලෙවි කෙරේ. එසේ බලපත්‍ර අලෙවිකළ සුජීව සේනසිංහ ඇතුළු පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් 35 දෙනෙකුට විරුද්ධව සමාජ ක්‍රියාකාරිකයෙක් විසින් ගොනු කරන ලද නඩුවක් මේ වනවිට ශ්‍රේෂාධිකරණයේ ඇසෙමින් තිබේ.

සබැඳි පුවත්

Leave a Reply

Your email address will not be published.