මව් බිමේ අනාගතය අවදානමේ-උපුල් – තුෂාර නික්ම යති

maubimaමව්බිම’ පුවත්පතේ කර්තෘ මණ්ඩල අධ්‍යක්ෂ, තුෂාර ගුණරත්න සහ ‘ඉරිදා මව්බිම’ පුවත්පත් කර්තෘ උපුල් ජෝෂප් ප්‍රනාන්දු යන මහත්වරුන් එම ආයතනයෙන් ඉල්ලා අස්වීමත් සමඟම සේවකයින් අතරේ නොසන්සුන් තත්වයක් ඇතිවී තිබේ.  අයිතිකරු ටිරාන් අලස් ට එරෙහිව රාඩා වංචාව සම්බන්ධයෙන් නඩු  විභාගය ආරම්භ වීමට නියමිත අතර ඒ සමඟම ආයතනයේ  කලමනාකරණය තවත් අර්බුදයට ය හැකි බවයි සේවකයින් කියා සිටින්නේ.

ඉදිරි දින කිහිපයේදී මව්බිම පුවත්පතේ කර්තෘ මණ්ඩල සාමාජිකයින් පිරිසක් ද බෙදාහැරීම් අංශයේ හා මුද්‍රණ අංශයේ සේවකයින් බහුතරයක් ද ඉල්ලා අස්වීමට නියමිත බව වාර්තාවේ. හිටපු මහබැංකු අධිපතිවරයාගේ බෑණා වන අර්ජුන් ඇලෝසියස් මහතා විසින් පුවත්පත් ඇතුළු මාධ්‍ය ජාලයක් ආරම්භ කිරීමට තීරණය කර ඇති නමුත් දැන් පවතිනැ තත්වය යටතේ  ප්‍රාග්ධනය එලියට ගැනීම අභියෝගයක් වනු ඇත.

‘මව්බිම’ පුවත්පතේ කර්තෘ ලෙස බෙනට් රූපසිංහ පත් කොට ඇත.

සබැඳි පුවත්

Leave a Reply

Your email address will not be published.