මහනුවර දැරියන් අපයෝජන සිද්ධියේ ප්‍රධාන චූදිතයා ජූජිත් ගේ ගජයෙක්….

pujith4-1නුවර මානව නායකත්ව පුහුණු විද්‍යාපීඨය නැමැති ආයතනයේ නේවාසිකව සිටි දැරියන් 06 දෙනෙක් බරපතල ලිංගික අපයෝජනයට ලක් කිරීම හා තවත් 02 දූෂණය කිරීමේ සිද්ධිය පිටුපස සිටිනා ප්‍රධාන සැකකරුවෙක් ලෙස සැලකෙන මාධ්‍ය ආයතන හිමිකරුවෙක් වූ නිමල් පීරිස් නැමැත්තා පොලිස්පති පූජිත් ජයසුන්දරගේ සමීපතමයෙක් බව හෙළි වී තිබේ.

මාධ්‍ය ප්‍රචාරණයට බෙහෙවින්ම රුචි වූ පොලිස්පතිවරයාගේ සියලුම මාධ්‍ය මෙහෙයුම් මේ තැනැත්තා විසින් මෙහෙයවා ඇති බවත් පොලිස්පති ධූරය රැගෙන නුවරට එන පොලිස්පතිවරයාගේ සියලුම බැනර් පෝස්ටර් හා කටවුට් නිර්මාණය කර ඇත්තේ මේ පුද්ගලයා විසින් බවත් වාර්තා වේ.

දැනට මේ තැනැත්තා නඩු දෙකක් සදහා වරෙන්තු පිට සිටින අයෙකි. තවත් නඩු දෙකක් උසාවියේ ඇසෙමින් පවතින බව පොලිස් ආරංචිමාර්ග කියයි. මේ පරිසරයේදීත් දැරියන් 8 දෙනා ලිංගික අපරාධයකට යොමුකළ බවට චෝදනා ලබනා නිමල් පීරිස් නැමැත්තාට අපේක්ෂිත ඇප ලැබී ඇත. වාර්තාවන ආකාරයට ඔහු මේ වනවිට සිටින්නේ අපේක්ෂිත ඇප මත මතය.  මේ අපචාරය සිදුවූ මානව නායකත්ව පුහුණු විද්‍යාපීඨයේ භාරකරු ලෙස සැලකෙන චන්දිමාල් ගමගේ නැමැත්තා දැන් පොලිස් භාරයේ පසුවන බව පොලිසිය කියයි.

චන්දිමාල් ගමගේ නැමති මේ පුද්ගලයා මීට දෙසතියකට පෙර නායකත්ව පහුණුව පිළිබද වැඩමුලුවක් නුවර ආණ්ඩුකාර කාර්යාලයේ පවත්වා තිබේ. ඒ වැඩමුලුව පවත්වන මොහොත වනවිට මේ තැනැත්තාගේ ආයතනයේ නේවාසික දැරියන් දෙදෙනෙක් රාත්‍රියක ආයතනයෙන් පිටතට ගෙන ගොස් බරපතල ලිංගික අපයෝජනයකට ලක් කර ඇති බව හෙළි වී තිබේ. ආණ්ඩුකා නිවසේ පැවති එම වැඩමුලුවට සම්පූර්ණ වියදම් දරා ඇත්තේත් නිමල් පීරිස් බව කියැවේ.

මේ අතරම නුවර සිටින ඉහළම පොලිස් නිලයන් හා ආණ්ඩුකාර නිවසේ බලවතුන් කෝටිපති ව්‍යාපාරිකයෙක් සමග මේ සිද්ධියට සම්බන්ධ වීමත්, නුවර සිටින පක්ෂ විපක්ෂ සෑම දේශපාලකයෙක්ම පාහේ මෙම මාධ්‍ය ආයතනකරුවාට මැතිවරණ ප්‍රචාරණ කටයුතුවල බිල් ගෙවන්නට ඇති ණය කාරයින් වීමත් නිසා  මේ දූෂණය වූ දැරියන්ට දුෂ්කර තත්වයකට මුහුණ දෙන්නට වනු ඇතැයි තතු දත් ආරංචිමාර්ග පවසයි.

කෙසේ වෙතත් තමන් මේ සියලු චෝදනා තමන් තරයේ ප්‍රතික්ෂේප කරන බව නිමල් පීරිස් කියා සිටී.

මේ සිද්දිය සම්බන්ධව අප පලකල ලිපි

මහනුවර කෝටිපති කාමාතුරයෝ දැරියන් 12 දූෂණය කරති

තරුණ දියණිවරු දූෂණ සිද්ධියේ පරීක්ෂණයට බලපෑම්…

දැරියන් දූෂණ සිද්ධියේ සැකකරුවන් භාරවනතුරු පොලිසිය බලා හිදී….

මහනුවර දැරියන් දූෂණයේ සැක කරුවෙක් රිමාන්ඩ්… අනෙකා 9 දා අධිකරණයට

සබැඳි පුවත්

Leave a Reply

Your email address will not be published.