මහනුවර දැරියන් දූෂණයේ සැක කරුවෙක් රිමාන්ඩ්… අනෙකා 9 දා අධිකරණයට

Arrested 11මහනුවර හන්තාන ප්‍රදේශයේ පවත්වාගෙන ගිය පුද්ගලික ආයතනයක් වූ මානව නායකත්ව පුහුණු විද්‍යාපීඨය නැමැති ආයතනයේ  නේවාසික පාඨමාලාවකට සම්බනධවී සිටි අවුරුදු 16 හා 17 යන වයසේ පසුවන දැරියන් දෙදෙනෙක් දූෂණය කිරීම හා දැරියන් 6 දෙනෙක් බරපතල ලිංගික අපයෝජනයට ලක්කිරීම සම්බන්ධව පොලිස් භාරයේ සිටි  එහි පාලකයා ලෙස සැලකෙන චන්දිමාල් ගමගේ නැමැත්තා ලබන 11 දා තෙක් රක්ෂිත බන්ධනාගාරගත කිරීමට මහනුවර ප්‍රධාන මහේස්ත්‍රාත් බුද්ධික ශ්‍රී රාගල නියම කළේය.

මහනුවර මාධ්‍ය ආයතනයක් පවත්වාගෙන යන නිමල් පීරිස් නැමැත්තා  විසින් ඉදිරිපත් කළ අපේක්ෂිත ඇප අයදුම්පත අධිකරණය පිළිගෙන ඇති හෙයින් ඔහුව අධිකරණයට ඉදිරිපත් කිරීම ලබන 9 දා සිදුවන බව පොලිසීය පැවසුවේය.

මේ දැරියන් මහනුවර ප්‍රදේශයේ ඉහළම ව්‍යාපාරිකයන්ට, පොලිස් ලොක්කන්ට, අධිකරණ ක්ෂේත්‍රයේ ප්‍රභලයන්ට, අලෙවි කිරීමට මේ සැකකරුවන් කටයුතු කර ඇති ආකාරය පිළිබද පොලිස් පරීක්ෂණ වලින් හෙළි වී තිබේ. ඔවුන් මේ දැරියන් මානසිකව විකෘති කර අපයෝජනයන් සදහා පොළඹවා ඇති බවත්, දැරියන්ට යහමින් මුදල් ලබා දී ඇති බවත්, දෙමාපියන් හා දරුවන් අතර ඇති සබදතා දුරස් කර  ඇති බවත් හෙළි වෙමින් තිබේ. මේ දැරියන් තමන් පත්වී ඇති තත්වය තම දෙමව්පියන් වෙත හෙළි කර නොතිබුණේ ඒ නිසා බව කියැවේ.

මේ සිද්දිය සම්බන්ධව අප පලකල ලිපි

මහනුවර කෝටිපති කාමාතුරයෝ දැරියන් 12 දූෂණය කරති

තරුණ දියණිවරු දූෂණ සිද්ධියේ පරීක්ෂණයට බලපෑම්…

දැරියන් දූෂණ සිද්ධියේ සැකකරුවන් භාරවනතුරු පොලිසිය බලා හිදී….

මහනුවර දැරියන් අපයෝජන සිද්ධියේ ප්‍රධාන චූදිතයා ජූජිත් ගේ ගජයෙක්….

සබැඳි පුවත්

Leave a Reply

Your email address will not be published.